
Wednesday, 22 May 2013
2010 දුන් පොරොන්දු ආණ්ඩුව කඩකරලා
2010 දුන් පොරොන්දු ආණ්ඩුව කඩකරලා..
මේ රටේ ජනතාවට වඩාත් යහපත් ජීවිකාවක් ලබාදෙන බවට ඔබ විසින් 2010 ජනාධිපතිවරණයේදී දෙනු ලැබූ පොරොන්දුව ඉටුකිරීමට ඔබගේ රජය පැහැදිලිවම අසමත් වී ඇති බව පෙන්වාදීමට සිදුව තිබේ යැයි බාලාතම්පෝ මහතා ඊයේ (21දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් මගින් දැනුම්දී තිබේ.
මධ්‍යම ආණ්ඩුවේ අය වැයෙහි පෙන්නුම් කරනු නොලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 150ක පාඩුව වැඩ කරන ජනතාව විසින් පියවා දමනු ලැබෙතැයි ඔබ විශ්වාස කරන බව විදුලිය ගාස්තු වැඩි කර තිබෙන ආකාරයෙන් පෙනී යන්නේ යැයිද සී.එම්.යූ. නායකයා සිය ලිපියේ සඳහන් කර තිබේ.
වැඩි කරන ලද විදුලිය ගාස්තු සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අනෙකුත් වෘත්තීය සමිති ඊයේ (21දා) සිදු කළ වැඩවර්ජනයට සහයෝගය දෙමින් ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ සාමාජිකයන් වැඩවර්ජනය කරන බවද ඒ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
කැබිනට් ඇමැතිවරු හා ඔබගේ ජනාධිපති පාලනයට සහයෝගය දක්වන අනෙකුත් අය විසින් මහින්ද චින්තනයට ප්‍රශංසා කරමින් තවදුරටත් විවිධාකාරයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටින බවද බාලාතම්පෝ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා තිබේ.
ආර්ථික අර්බුදය නිරාකරණය කර ගැනීමට රජයට ඇති නොහැකියාව මකා ගැනීමට නව විදුලි බල ගාස්තු වැඩකරන ජනතාව මත පැටවීඹ කිසිසේත් යුක්ති සහගත නැති බව පෙන්වාදෙන එම ලිපිය මෙම කරුණු ඔබ විසින් සලකා බලනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Labels:
Gossip
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment