Wednesday, 22 May 2013

විදුලිය අරපිරිමැස්‌ම - 5.. පරිසරය සිසිල් කිරීමේ දී උපක්‍රම..

පරිසරය සිසිල් කිරීමේ දී උපක්‍රම.. අප අවට පරිසරය සිසිල් කිරීම සඳහා අපි විවිධ උපකරණ භාවිත කරමු. නිදසුනක්‌ ලෙස ගත හොත් විදුලි පංකාව (fan) හා වායු සමන යන්ත්‍ර දැක්‌විය හැකි ය. සාමාන්‍යයෙන් උණුසුම් රටක්‌ වන අපේ රටේ වර්ෂයේ ඇතැම් කාලවල පවත්නා අධික උණුසුම නිසා මෙවැනි සිසිලන උපකරණ නොමැති ව නිවසේ මෙන්ම කාර්යාලයේ ද කටයුතු කිරීම තරමක්‌ අපහසු වේ. මේ උපකරණවල ක්‌ෂමතාව හා ඒවා භාවිත වන කාලය අනුව, ඒවායේ වැය වන විදුලිය තීරණය වන නිසා මේ උපකරණ භාවිතය පිළිබඳව සැලකිලිමත් වැදගත් ය. පළමුව මේ උපකරණ හා ඒවායේ ක්‌ෂමතාව පිළිබඳව අදහසක්‌ ලබාගනිමු. විදුලි පංකා....විදුලි පංකා ම`ගින් සිදු කරනු ලබන්නේ අප වෙත එල්ල කරනු ලබන සුළං ධාරාවක්‌ ම`ගින් සිසිලක්‌ ලබා දීම ය. එම`ගින් අප සිටින පරිසරය සිසිල් කිරීමක්‌ සිදු නො වේ. මානව ශ්‍රමයෙන්, ජල බලයෙන් හා ඉන්ධන ම`ගින් ක්‍රියා කරන පංකා බොහෝ අතීතයේ සිට භාවිත වී ඇතත්, අද අප දකින "විදුලි පංකාව" 1880 දශකයේ දී පමණ භාවිතයට පැමිණ තිබේ. අපේ නිවාසවල වර්ග කිහිපයකට අයත් විදුලි පංකා භාවිත වේ. ඒ, සීලිමේ සවි කරන සීලිං විදුලි පංකා (ceiling fan), මේසය මත තැබිය හැකි මේස විදුලි පංකා (table fan) හා සිටුවා තබන පාදස්‌ථල විදුලි පංකා (pedestal fan) ය. ක්‌ෂමතාව සාමාන්‍යයෙන් වොට්‌ 75ක්‌ පමණ වන සීලිං විදුලි පංකාවක විදුලි පරිභෝජනය මේස හා පාදස්‌ථල විදුලි පංකාවක මෙන් දෙගුණයක්‌ පමණ තරම් වේ. එසේ ම සීලිං විදුලි පංකාවලට වඩා පහසුවෙන් අනෙක්‌ වර්ගවල (විශේෂයෙන් මේස මත තබන) විදුලි පංකා හැසිරවීම හා අවශ්‍ය ස්‌ථානවලට සුළං යොමු කිරීම පහසු වේ. මෙම`ගින් එහි කාර්යක්‌ෂමතාව ඉහළ නංවයි. වායු සමන යන්ත්‍ර...වායු සමන යන්ත්‍ර ම`ගින් සිදු කරනු ලබන්නේ උෂ්ණත්වය අඩු කිරීම ම`ගින් අප අවට පරිසරය සිසිල් කිරීමකි. මෙය 20 වැනි සියවස මුල් භාගයේ පටන් භාවිතයට ගන්නා උපකරණයකි. වායු සමන යන්ත්‍ර වැඩි වශයෙන් භාවිත වන්නේ කාර්යාල, කඩසාප්පු හා වෙනත් එවැනි ගොඩනැ`ගිලිවල වුවත් මේ වන විට නිවාසවල ද භාවිත වේ. වායු සමන යන්ත්‍රවල විදුලි පරිභෝජනය බෙහෙවින් අධික ය. එය යන්ත්‍රයේ ධාරිතාව, භාවිත කරන උෂ්ණත්වය හා භාවිත වන කාලය මත වෙනස්‌ විය හැකි ය. සාමාන්‍ය කුඩා වායු සමන යන්ත්‍රයක ක්‌ෂමතාව වොට්‌ 1,000ක්‌ පමණ විය හැකි ය. එවැනි යන්ත්‍රයක්‌ පැයක්‌ ක්‍රියාත්මක වන විට විදුලි ඒකකයක්‌ වැය වේ. මේ අනුව අපේ පරිසරය සිසිල් කිරීම සඳහා වැය වන විදුලි පරිභෝජනය අඩු කිරීම සඳහා අපට ගත හැකි පියවර කිහිපයක්‌ මෙසේ ය. අප කළ යුතු දේ... * නිවසක්‌ සිසිල් ව තබාගැනීමට නිවස හා ගෙවත්ත සැලසුම් කළ හැකි ය. මෙහි දී ස්‌වාභාවික සුළඟ යොදා ගැනීම හා උණුසුම ඉහළ යැම වැළැක්‌වීමට පියවර ගත හැකි ය. මෙහි දී * නිවසේ පිහිටීම අනුව ස්‌වාභාවික සුළං පැමිණිය හැකි සේ ජනෙල් කවුළු ස්‌ථානගත කිරීමෙන් යහපත් කාලගුණයක්‌ පවත්නා විට අවශ්‍ය සිසිලස ලබාගත හැකි ය. * ජනෙල් කවුළු අවශ්‍ය විට පහසුවෙන් විවෘත කිරීම හා වැසීමට හැකි සේ සවි කළ යුතු ය. * සෙවන ගෙන දෙන ශාක නිවසට ආසන්නයෙන් සිටුවීමෙන් නිවසේ උෂ්ණත්වය ඉහළ යැම පාලනය කළ හැකි ය. * සූර්යාලෝකය සමග දැඩි තාපයක්‌ ලැබෙන නිසා හිරු එළිය සෘජු ව නිවස තුළට පතනය වීම වැළැක්‌වීමට තිර රෙදි යොදාගත හැකි ය. විදුලි පංකා භාවිතයේ දී කළ හැකි සමහර දේ * සීලිං විදුලි පංකා වෙනුවට මේස හා පාදස්‌ථල විදුලි පංකා භාවිත කිරීම. * අපට අවශ්‍ය තැනට සුළං ප්‍රවාහය එල්ල වන සේ සැකසීම. * පංකාවේ වේගය අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ සීමා කිරීම. වේගය මත වැය වන විදුලිය වෙනස්‌ වන පංකාවලට යෝග්‍ය ය. * විදුලි පංකාව හොඳින් නඩත්තු කිරීම හා පිරිසිදුව තබා ගැනීමෙන් එහි කාර්යක්‌ෂ්මතාව ඉහළ තත්ත්වයක තබාගත හැකි ය. * අදාළ ස්‌ථානයෙන් බැහැර ව යැමේ දී විදුලි පංකාව ක්‍රියා විරහිත කරන්න. වායු සමන යන්ත්‍ර භාවිතය.. * වායු සමන යන්ත්‍ර භාවිත කිරීම අත්‍යවශ්‍ය විට හා හැකිතාක්‌ කෙටි කාලයක්‌ පමණක්‌ සිදු කිරීම. හැකි හැම විට ම විදුලි පංකාවක්‌ භාවිත කිරීම වඩා සුදුසු ය. * වායු සමන යන්ත්‍රයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 26කට පවත්වාගැනීම සෑහේ. අධික ශීතලක්‌ ලැබෙන සේ යන්ත්‍ර භාවිත කිරීම විදුලිය අපතේ යැමට හා අපහසුතා ඇති කිරීමට හේතු වේ. * ප්‍රක්‍රමිත උෂ්ණත්ව පාලකයක්‌ (programmable thermostat) යොදාගැනීම යෝග්‍ය ය. * වායු සමන යන්ත්‍ර ක්‍රියාත්මක වන විට එම ස්‌ථානයෙන් වාතය පිටතට ගමන් කළ හැකි දොර ජනෙල් වසා තැබීම සුදුසු ය. ඒවා විවෘත කිරීම අවම කළ යුතු ය. පිටතින් වාතය ඇතළු විය හැකි ස්‌ථාන හොඳින් ආවරණය කළ යුතු ය. පිටතින් සූර්යාලෝකය වැටීම වැළැක්‌වීමට ජනෙල්වලට තිර හෝ ආවරණ යොදන්න. * අදාළ ස්‌ථානයේ කිසිවකු නොමැති විට වායු සමන යන්ත්‍රය ක්‍රියා විරහිත කරන්න. * වායු සමන යන්ත්‍රය ස්‌ථානගත කළ යුත්තේ හිරු එළිය නො වැටෙන සෙවන සහිත ස්‌ථානයක ය. * වායු සමන යන්ත්‍ර හොඳින් නඩත්තු කළ යුතු ය. * විදුලි පංකා හා වායු සමන යන්ත්‍ර මිල දී ගැනීමේ දී එහි ක්‌ෂමතාව හෙවත් වොට්‌ ගණන කෙතරම් ද යන්න වැදගත් ය. ඒ අනුව ඊට වැය වන විදුලි බලය ගණනය කළ හැකි ය. * Energy Star ලකුණ ඇති උපකරණවල විදුලි භාවිතය සාපේaක්‌ෂව අඩු ය. * අපේ පරිසරය සිසිල් කරන උපකරණ භාවිතයේ දී සැලකිය යුතු මේ කරුණු පිළිබඳව අන් අයට ද පැවසීම.

No comments:

Post a Comment