Tuesday, 21 May 2013

ඇමරිකාවේ පැවති නව නිපැයුම් තරගාවලියේදී ලෝකයෙන් ප්‍රථමයා වූ අලුත් දිවුල්වැවේ පුබුදු

ඇමරිකාවේ පැවති නව නිපැයුම් තරගාවලියේදී ලෝකයෙන් ප්‍රථමයා වූ අලුත් දිවුල්වැවේ පුබුදු.. මිහින්තලේ මහා විද්‍යාලයේ උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරමින් , නියර රහින යන්ත්‍රයක් නිපදවා දේශීය වශයෙන් සම්මානයට පාත්‍ර වු පුබුදු දිනේෂ් කපුගේ ශිෂ්‍යා ඇමරිකා ඵක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රන්තයේ දී නව නිපැයුම් තරගාවලියේදි ලොව ප්‍රථමයා ලෙස සම්මාන ලැබීය. ‍ වී ගොවිතැනේ දි භාවිතා කළ හැකි නියර රහින යන්ත්‍රයක් නිපදවා මුළු ලොවම මවිතයට පත් කළ මෙම පාසල් ශිෂ්‍යා ගලෙන් බිදුනවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත් දිවුල්වැව වැනි දුෂ්කර ප්‍රදේශයකින් බිහිවූ අයෙකි. මේ නියර රහින යන්ත්‍රය නිපද වු සිසුවාගේ විශේෂත්වය වන්නේ උසස්පෙළ විෂයන් සඳහා කලා විෂයධාරාවෙන් අධ්‍යාපනය ලැබීමය. 2012 වර්ෂයේ දී ඉන්ටෙල් ආයතනය මගින් පැවත් වු නව නිපැවුම්කරුවන්ගේ තරගාවලියේ දි කොටිඨාස, පළාත්, සමස්ථ ලංකා තරගාවලි ත්‍රිත්වයෙන්ම ප්‍රථමයා වු පුබුදු, බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවත් වු නව නිපැයුම් තරගාවලියේ දී ලංකාවෙ ප්‍රථමයා ලෙස සම්මානයට පාත්‍ර විය.තරගකරුවන් හයදහසකින් තේරිපත් වු පුබුදු ලොව නව නිපැයුම් තරගාවලිය සදහා තේරිපත් විය . ඵ් අනුව ලෝක නව නිපැයුම් තරගාවලිය සඳහා ඇමරිකා ඵක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ මැයි මස -12-සිට 17 දක්වා පැවති තරගාවලියෙන් ලොව ප්‍රථමයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. පුබුදු දිනේෂ් කපුගේ ශිෂ්‍යා ඇමරිකා ඵක්සත් ජනපදයේ සිට ඊයේ ලංකාවට පැමිණිමට නියමිතව තිබිණ.

No comments:

Post a Comment