
Tuesday, 21 May 2013
Facebook free calling සේවාව එක්සත් රාජධානිය දක්වා ව්‍යාප්ත වෙයි..
Facebook free calling සේවාව එක්සත් රාජධානිය දක්වා ව්‍යාප්ත වෙයි..
iOS devices සදහා Facebook විසින් නවතම නොමිලේ ඇමතුම් සේවාවක් පසුගිය ජනවාරි මස ආරම්බ කරනු ලැබුවා. මෙම සේවාව ලබාගැනීමට හැකි වූයේ ඇමෙරිකාවේ හා කැනඩාවේ Facebook පරිශීලකයින් හට පමණයි. නමුත් අද පටන් එක්සත් රාජධානිය තුලත් මෙම සේවාව ආරම්බ කිරීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.
මේ සදහා විශේෂ App එකක් අවශ්‍ය නොවන අතර, ඔබේ ජංගම දුරකතනයේ Facebook messenger app එක පමණක් තිබීම ප්‍රමාණවත්. ඉතින් ඔබ ඇමෙරිකාව, කැනඩාව හෝ එක්සත් රාජධානියේ වෙසෙන අයෙකු නම් හා ඔබේ ජංගම දුරකතනයේ Facebook Messenger app එක තිබෙනවානම් ඔබට පුළුවන් මෙම අත්දැකීම විදගන්නට හා මෙම සේවාවේ ප්‍රතිලාබ ලබාගන්නට.
දැනට මෙම සේවාව iDevices සදහා හා සීමිත රටවල් කිහිපයකට පමණක් සිමා වී තිබෙන අතර, ඉතා ඉක්මනින්ම මෙම සේවාව Android වෙතත් පමිනේයැයි මෙන්ම හා මෙම සේවාව තවත් රටවල් වෙතත් ව්‍යාප්ත වේ යැයි අපිට අපේක්ෂා කරන්නට පුළුවන්.

Labels:
ෆේස් බුක් වැඩ කැලි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment