
Monday, 20 May 2013
පුතුගෙන් මඟුල් දිනේ අහගන්නැයි කියා මවුපියෝ නෑයන්ට බුලත්දෙති.
පුතුගෙන් මඟුල් දිනේ අහගන්නැයි කියා මවුපියෝ නෑයන්ට බුලත්දෙති..
බුලත්දී නැකතට මඟුල් කියා මංගල්ලය පැවැත්වෙන දිනය පුතුගෙන් අසා දැන ගන්නා ලෙස ඥාතීන්ට දැන්වූ මවුපිය යුවළක පිළිබඳ පුවතක් ගම්පහට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
දකුණේ ගම්මානයක පදිංචි පවුලකි. දෙටු පුතුගේ මංගල්ලයට දින නියම කෙරිණි. ඒ අනුව නැකතට මගුල් කීමට මේ පවුල තෝරා ගත්තේ ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි ඥාති නිවසකි.
ඒ අනුව කලින් දන්වා නියමිත දිනයේ මඟුල් කියන්නට මනාලයාගේ මවත් පියාත් එහි පැමිණියහ.
නංගීටත් මල්ලීටත් බුලත්දී පුතුගේ මංගල්ලයට සහභාගි වනලෙස මේ මවුපිිය යුවළ ඉල්ලා සිටියහ.
අයියේ මඟුල කෙරෙන්නේ කවදාද නංගී විමසුවාය. සිය බිරියගේ මුහුණ බැලූ සැමියා කල්පනා කළේය.
අනේ නංගි පුතාට කෝල් කරලා දිනේ අහගන්නයි ඉල්ලා සිටිද්දී නංගීගේත් මල්ලීගේත් දරු දෙන්නා සිනාසෙන්නට වූහ.

Labels:
දේයියෝ සාක්කි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment