Tuesday, 21 May 2013

ටෙන්ඩුල්කාර්ගේ මුහුණේ රුවට රත්රන් කාසියක්

ටෙන්ඩුල්කාර්ගේ මුහුණේ රුවට රත්රන් කාසියක්.. ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ මුහුණේ රුව සහිත රත්රන් කාසියක් එරට ස්වර්ණාභරණ සමාගමක් විසින් නිර්මාණය කර ඇත. එම ස්වර්ණාභරණ සමාගම පැවසුවේ ටෙන්ඩුල්කාර්ගේ මුහුණේ රුව සහිත කාසි නිෂ්පාදනය කරන්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් බවයි. කැරට් 24 රත්රන්වලින් සකස් කළ මෙම එක් කාසියක බර ග‍්‍රෑම් 10කි. මෙම කාසිය එළිදැක්වීමේ අවස්ථාව මුම්බායි නුවරදී පැවැත්වුණේ සචින් ටෙන්ඩුල්කාර් ඇතුළු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙනි.

No comments:

Post a Comment