Tuesday, 21 May 2013

වර්ජනයේ යෙදුණු බස්රථවල ධාවන බලපත්‍රය අහෝසියි..

වර්ජනයේ යෙදුණු බස්රථවල ධාවන බලපත්‍රය අහෝසියි.. මගී අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් වර්ජනයේ නිරත වු බස් රථවල මගී සේවා අවසර පත්‍රය (ධාවන බලපත්‍ර) අවලංගු කෙරේ. පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතාගේ උපදෙස් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ පියවර ගෙන තිබේ. ඒ අනුව ඊයේ (20) දින ප්‍රකාශිත වර්ජනයට සහාය පලකරමින් ධාවනයෙන් ඉවත්ව සිටී බවට අනාවරණය වු අන්තර් පළාත් බස් රථවල මගී සේවා අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා පැවසීය. එසේම සියලුම පළාත් මගී ප්‍රවාහන අධිකාරීන් යටතේ පාලනය වන බස් රථ අතුරින් වර්ජනයට සහය දක්වමින් ඊයේ(20) දින ධාවනයෙන් ඉවත් වු බස් රථවලද මගී සේවා අවසර පත්‍ර අවලංගු කරන ලෙස පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැතිවරයා පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත නියෝග කර තිබේ. මීගමුව, ගිරිඋල්ල, කොළඹ, අම්බලන්ගොඩ සහ කොළඹ, කුරුණෑගල, මාර්ගයේ බස් රථ කිහිපයක් මේ වන විට වර්ජනයට එක්වු බවට හදුනාගෙන තිබෙන බවද කොමිෂම පවසයි. මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ධාවන බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන ලෙස කොමිසම් සභාවේ සභාපතිවරයා විසින් ධාවන අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබේ. එසේ අදාළ බස් රථ සම්බන්ධයෙන් මගී ප්‍රවාහන අධීකාරීන් මගින් කඩිනම් වාර්තාවක් කැදවීමටද සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා කටයුතු යොදා තිබේ. ඊයේ දිනයේ ප්‍රකාශිත මේ වර්ජනයට සාර්ථක නොවු බවට කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පළ ඇතුළු සියලු අන්තර් පළාත් මාර්ගවලින් වාර්තා වු බවත්, පළාත් ප්‍රවාහන අධිකාරීවල සභාපතිවරුන්, මගී ප්‍රවාහන සමාගම් සහ අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය විසින්ද ගමනාගමන කොමිෂන් සභාව වෙත තොරතුරු වාර්තා තර ඇති බව කොමිෂම කියයි. .

No comments:

Post a Comment