
මෙච්චර කල් කතා නොකරපු මාතෘකාවක් ගැන තමා කථා කරන්න යන්නේ.හැබැයි මේ ලිපිය පට්ට දිග වෙයි.ඉස්සර වගේ ලිපි මාලා ලිය ලියා ඉන්න බැහැ.ඒක නිසා ඔක්කෝම ටික මේ ලිපියෙන කියනවා.තව දෙයක් ලියන්න ඕන උනොත් මාස ගානකින් මේ වගේ පට්ට දිග ලිපියක් දාන්නම්.දැන් ඉස්සර වගේ නෙමේ.බ්ලොග් එක ලියන්න ඒ තරම් උවමනාවක් නැහැ.ඉස්සර තිබ්බ ගැම්ම නැහැ.ඒ වෙනුවට එපා වීමක් තියෙනවා.කොහොම උනත් මම තව පොඩි කාලයයි මේ බ්ලොග් එක ලියන්නේ.මම පනින්න යන්නේ.සිම් එක විසික් කළා.ඩොමේන් එක අප්ඩේට් කළා මම පැන්නා.හරි ඒ ගැන පස්සේ කියන්නම්.එහෙනම් ලිපියට බහිමු.මම ඉතිං මේ දවස් වල පට්ට ගේමක් දීලා Email Marketing ගැන ඉගෙන ගන්නවා.ඒ විදියට ඉගෙන ගත්ත හා කලින් දැනගෙන හිටිය දේවල් ගොඩක් එකතු කරලා තමා මේ ලිපිය ලියන්නේ.මේ ලිපියෙන් පස්සේ ඔයාලගේ ගොඩාක් ගැටලු වලට පිලිතුරු ලැබෙයි.
Email Marketing වල වැදගත්කම.....
Email Marketing ගැන ලියවෙන බ්ලොග් ඕන තරම් තියෙනවා.ඒවා කියෙව්වා කියලා ඇති ඵලක් නැහැ.ඔය එක එක සුද්දෝ ඉන්දියන් කාරයෝ එහෙම රස කර කර ලියනවා.ඒත් ඒවායේ ගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.ඒත් ඒවා මිලියන ගානක් කියවනවා.මොකටද කියන්න මම දන්නේ නැහැ.Email Marketing කරන එවුන් උන් දන්න දේවල් ආයේ වෙන එකෙක්ට කියලා දෙන්නේ නැහැ.ඔක්කෝම කරන්නේ ගුරු මුට්ටි තියා ගන්න එක.ඒක නිසා මේ ගැන ඉගෙන ගන්න පට්ට අමාරුයි.එසේම Email Marketing කරන පිරිස පට්ට අඩුයි.ඒක නිසා ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙන ක්ෂේත්රයක් බවට මේ Email Marketing පත් වී හමාරය.ඒක නිසා මේ ගැන ඉගෙන ගත්තොත් ගොඩම තමා.Email Marketing වල වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන්නේ Email Send කිරීමටයි.මේක හරියට කළොත් දවසට $100කට වඩා හොයන්න පුලුවන්.බොරු නම් Odesk,Freelancer,Gigbucks,Elance වල දවසකට වැටෙන Job ගණන හා ඒවාට උන් ගෙවන ගණන ගැන පොඩ්ඩක් සොයා බලන්න.
සාමාන්‍යයෙන් Graphic වැඩ කරන එක ලේසි නැහැ.කවුරුහරි Graphic පාඨමාලාවක් කළාට හරියන්නේ නැහැ.ඒ පුද්ගලයා තුල කලාත්මක හැකියාවක් තියෙන්න ඕන.උදාහරණයකට අපිට Job එක දෙන එකා මට මෙහෙම මෙහෙම තියෙන අරම ජාතියේ අර විදියේ මේ විදියට කියලා කියන කොට ඒක හිතේ ඇදෙන්න ඕන.ඊට පස්සේ ඒක නිර්මාණය කරන්න හැකියාව තියෙන්න ඕන.ඒක නිසා Graphic වැඩ හැමෝටම බැහැ.ඒත් Email Marketing එහෙම නැහැ.පොඩි Software කිහිපයක් භාවිතා කරන්නේ.ඒ ගැන ඉගෙන ගත්තාම හරි.ඒක නිසා මේ ලිපියෙන් පහත දේවල් ගැන කථා කරනවා.
1.මහා පරිමාණයෙන් Email Extract කිරීම
2.මහා පරිමාණයෙන් Email Verify කිරීම
3.මහා පරිමාණයෙන් Send කිරීම
4.Email Marketing වලට භාවිතා කරන්න ඕන මොන Software ?
5.VPS කියන්නේ ?
6.VPS එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
7.VPS Software Install කරන්නේ කොහොමද ?
8.එතකොට Maxfrog,Atomic Email Senders වලින් වෙන්නේ මොකක්ද?
9.ඇයි අපි VPS එකක්ම තෝරා ගත යුත්තේ ?............
10.නොමිලේ මහා පරිමාණයෙන් Email Send කිරීම...........
11.Email Sending Job වල වැදගත්කම හා වටිනාකම.....
1.මහා පරිමාණයෙන් Email Extract කිරීම.................
මතක ඇතිනේ මම මීට කලින් ඔයාලට Email Extract කරන්න Software 2ක් දුන්නා.ඒවා භාවිතා කරලා නම් Email Extract කරන්න වෙන්නේ නැහැ.ඒවා හරියට පොඩි මායාවක් වගේ.එහෙනම් මහා පරිමාණයෙන් Email Extract කරන්නේ කොහොමද?ඒක ඉතා දිග කථාවක්.ඒකට අපි මේ ලිපියේ ඉදිරියේදී ප්රවිශ්ට වෙනවා.ඒක නිසා කිසිම විටෙකවත් Google Search කරලා එක එක ජාතියේ Email Extractors ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා.ඒවායෙන් කරන්න පුලුවන් දෙයක් නැහැ.ඕන නම් Email පොඩි ගානක් හොයා ගන්න පුලුවන් වේවී.ඒ වගේම අපේ ඉන්ටනෙට් බිල එයි පට්ට ගානක්.මොකද මේ Software වලට පට්ට Bandwidth එකක් යනවානේ.එහෙනම් මොන මගුලකට මම අර Software දෙක ඔයාලට දුන්නේ ? මම ඒ Software දෙක දුන්නේ ඔයාල රිංගන බ්ලොග් වල Comment එක්ක email තියෙන අවස්ථා තියෙනවා.එවැනි අවස්ථා වල Email එකතු කර ගන්න තමා මම ඒ Software දෙක දුන්නේ.එහෙම නැතුව මහා පරිමාණයෙන් Email එකතු කරන්න නෙමෙ.
2.මහා පරිමාණයෙන් Verify කිරීම.......
ඔයාලට මතක ඇතිනේ මම මීට පෙර Email Verify කිරීමට Maxfrog Email Verifier කියලා Software එකක් හදුන්වා දුන්නා.ඒක දුන්නේ ඔයාලට එදිනෙදා පොඩි පොඩි Email list Verify කර ගන්න.මේ Software භාවිතා කළොත් Email 10,000 Verify කරන්න පැය 2ක් විතර යනවා.ඒත් Email Marketing වලදී එහෙම බැහැ.සමහර වෙලාවට Email මිලියන 20 -50 Verify කරන්න වෙනවා.එතකොට අවුරුදු ගානක් යයිනේ.ඒක නිසා මේ Software එක මහා පරිමාණයෙන් Email Verify කිරීමට යොදා ගන්න බැහැ.ඒක නිසා අපි ඒකට වෙන Software භාවිතා කරනවා.එම Software වලින් මිනිත්තුවකට Email 1,000 - 1,500ක් Verify කරන්න පුලුවන්.එම Software මොනාද කියලා මේ ලිපිය අවසාන වෙනකොට කියලා දෙනවා.
3.මහා පරිමාණයෙන් Send කිරීම........
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා මේක.G-mail,Yahoo වල දෙන්නේ දවසකට Email 500ක් යවන්න විතරයි.ඒ වගේම Unlimited Hosting ගත්තත් බැහැ.Google Search කරලා Software කොව්වර Download කළාද?ඒත් එකකින් වත් හරි ගියේ නැහැ.මට කියන්න තියෙන්නේ මෙව්වරයි.කිසිම Software එකකින් Unlimited Email Send කරන්න බැහැ.ඒක නිසා Google Search කර කර Software ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා.එහෙනම් කොහොමද Unlimited Email Send කරන්නේ ? ඒ ගැන මේ ලිපිය අවසානයේ දී තේරෙයි.
4.Email Marketing වලට භාවිතා කරන්න ඕන මොන Software ?........
මට කියන්න තියෙන්නේ Email Marketing වලට කිසිදු Software එකක් භාවිතා කරන්න ඕන නැහැ.එතකොට අහයි මේ මොන මගුලක්ද කියන්නේ කියලා.මම කියන්නේ කිසිම Software එකක් සල්ලි ගෙවලා හෝ ඒකේ ටොරන්ට් හොයලා හෝ ඩවුන්ලෝඩ් කරන්න එපා.එහෙනම් කොහොමද මේ වැඩේ කරන්නේ ? ඒ ගැන ඉදිරියට කියවන කොට තේරෙයි.
5.VPS කියන්නේ ?......
VPS කියන එකේ තේරුම තමා Virtual Private Server කියන්නේ.සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී අපි කරන්නේ Hosting එකක් මිලදී ගැනීමනේ.ඒත් ලොකු ලොකු වැඩ තියෙන කොට එම වෙබ් අඩවියටම කියලා Server එකක් මිලදී ගන්න අපිට පුලුවන්.එසේ මිලදී ගන්න Server එකකට තමා VPS කියන්නේ.එතකොට Email Marketing වලදී අපි භාවිතා කරන්නෙත් VPS එකක් තමා.අපේ ගෙදර පරිගණකය ඒකට භාවිතා කරන්න බැහැ.අපි කරන්නේ මුලින් VPS එකක් මිලදී ගන්නවා.ඊට පස්සේ ඒකට Software Install කරන්න ඕන.ඊට පස්සේ වැඩ කරනවා.ඒ කියන්නේ අපිටම කියලා Server එකක් ගන්නවා.ඒක අපිට ඕන ආකාරයට හසුරුවා ගන්නවා.
6.VPS එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.........
මෙතනදී බොහෝ විට බලන්න ඕන VPS එකේ OS එක ගැන.ඔබ Install කරන්න යන Software වලට ගැලපෙන විදියට තමා OS එක තෝරා ගන්න ඕන.ගොඩක් වෙලාවට Linux තමා ගැලපෙන්නේ.ඒ වගේම අපි මේ Server එක මිලදී ගන්නේ Email Send කරන්නනේ.ඒක නිසා Server එකේ Ram එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.Ram එක වැඩි වෙන තරමට අපිට පැයකට යවන්න පුලුවන් Email ගණන වැඩි වෙනවා.එතනදී වෙන්නේ Ram එකේ Capacity එක වැඩි වීමයි.එසේම Server එකේ Speed එකත් බලපානවා.කොහොම වුණත් මුලින් පොඩි Server එකක් ගත්තාම හරි.පස්සේ වැඩේ අල්ල ගත්තාට පස්සේ ලොකු එකකට මාරු වෙන්න පුලුවන්.ඊට අමතරව Bandwidth එක ගැන ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕන.සාමාන්‍යයෙන් Ram එකේ Capacity එක අනුව තමා Bandwidth එකත් දෙන්නේ.Ram එක IGB නම් Bandwidth එක 1000GB වගේ.මෙන්න මේ විදියට තමා යන්නේ.Bandwidth එක අපිට වැදගත් වෙන්නේ අපිට කිසියම් File එකක් Attach කරලා Email යවන්න සිදු වුණොත් එතනදී විශාල Bandwidth එකක් වැය වන නිසයි.
7.VPS එකට Software Install කිරීම.........
මේක තමා අමාරු වැඩේ.මේක අපිට කරන්න බැහැ.අපි කරන්න ඕන VPS එකක් සල්ලි දීලා අරගෙන මේ Software ටික Install කරවා ගන්න එක.මොකද මේ VPS එකට Install කරන්නේ විශේෂ Software.ඒවා අපේ අවශ්‍යතාවය අනුව තෝරා ගන්න පුලුවන්.මේ VPS එකට Email Send/Verify/Extract කරන ඔක්කෝම Software Install කරවා ගන්න පුලුවන්.VPS එකට Install කරන Software අනුව තමා අපේ Server එකේ සාර්ථකත්වය තීරණය වන්නේ.ඊට පස්සේ වැඩ පටන් ගන්න තියෙන්නේ.
ඉහත සදහන් කරපු ඔක්කෝම ටික කරවා ගන්න $250ක් විතර යනවා.අපි තවත් Software කිහිපයක් භාවිතා කරන්න වෙනවා බොහෝ විට.ඒවාටත් $250-350ක් යනවා.එතකොට ඔක්කෝම $600ක් විතර යනවා වැඩේ පටන් ගන්න.ඊට පස්සේ දවසට $50-100 ගානේ විතර හොයන්න පුලුවන්.මේක සිහිනයක් නෙමේ.මම ජනවාරි වල මේවා ඉගෙන ගත්තේ.මම ඩොලර් තුන්සිය ගානක් වියදම් කළා.ඒ VPS ගන්නත් තව Software කිහිපයක් ගන්නත්.ඒත් වැඩේ හරි ගියේ නැහැ.මට පොඩ්ඩක් අසනීප වෙලා හිටියා.මම VPS එක ගත්තේ එක මාසයකට.ඒක Expire වුණා.මට කෙල වුණා.තව $500ක් විතර හොයාගෙන මේ වැඩේ පටන් ගන්න ඉන්නේ.වැඩේ පටන් ගත්තාම කියන්නම්.මේක සාර්ථකයි.ඔන්න සිස්ටම් එක කිව්වා.මේකයි වෙන්නේ.ඒක නිසා කොච්චර Email Marketing ගැන තියෙන බ්ලොග් කියෙව්වත් වැඩක් නැහැ.ඒවයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් අඩුයි.
8.එතකොට Maxfrog,Atomic Email Senders වලින් වෙන්නේ මොකක්ද?
ගොඩක් අය හිතන්නේ ඔය Maxfrog,Atomic වගේ එක එක Email Senders වලින් Unlimited Email Send කරන්න පුලුවන් කියලා.ඒවායින් කරන්නේ ඉතා සරල දෙයක්.අපිට SMTP Server එකක් තියෙනවා නම් ඒක මේ Software එකට Connect කර ගන්නවා.ඊට පස්සේ මේ Software වල Email Design කරන්න පහසුකම් සලසා දී තියෙනවා.ඊට පස්සේ කරන්නේ Email Send කරන එක තමා.ඒ කියන්නේ Maxfrog,Atomic Email Sender වලින් කෙරෙන්නෙත් Microsoft Outlook වලින් කෙරෙන්නෙත් එකම දෙයක්.උදාහරණයකට අපිට පුලුවන් Microsoft Outlook වලටත් Mzfrog,Atomic Email Sender වලටත් අපේ Gmail ගිණුම Connect කර ගන්න.ඒකට කරන්න ඕන Gmail එක Connect කර ගන්න ගියාම ඒකේ SMTP Server ලෙස smtp.gmail.com ද POP Server ලෙස pop.gmail.com ලෙස ද යොදා සකසා ගන්න එක.එවිට අපිට පුලුවන් අර Gmail වලින් සකසන Email එකට වඩා ලස්සනට Template එකක් යොදාගෙන ලස්සන Email එකක් හදලා ඒක Send කරන්න.හැබැයි Send වෙන්නේ දවසට Email 500.මොකද මේ Software එකෙන් කරන්නේ අර වෙබ් බ්‍රවුසර් එකෙන් Gmail ගිණුමට ලොග් වීම වෙනුවට මේ Software එක හරහා Gmail ගිණුමට ලොග් වීමයි.ඒක නිසා කිසි විටෙකත් මේ Software පස්සේ දුවන්න එපා.
9.ඇයි අපි VPS එකක්ම තෝරා ගත යුත්තේ ?............
සමහරු දැකලා ඇති Godaddy වැනි Hosting ආයතන වලින් Unlimited Email Sending සපයනවා.එසේම Mailchimp හා Aweber වැනි ලෝකයේ ප්‍රසිද්ධම වෙබ් අඩවිත් Unlimited Email Sending සපයනවා.ඒවායේ පැකේජ මිලදී ගන්න $600ක් යන්නේ නැහැ.$100කට අඩු මුදලකට මිලදී ගන්න පුලුවන්.එසේ නම් ඇයි අපි VPS එකක් මේ සදහා තෝරා ගන්නේ ?ගොඩක් අය Unlimited Email Sending කිව්වාම රැවටෙනවා.ඒත් ඒක අස්සේ හැංගුනු දෙයක් තියෙනවා.එම නිසා තමයි අපි VPS එකක්ම තෝරා ගන්නේ.පහත රූප දෙස බලන්න.

ඉහත රූප සටහන් වලින් 01 වන එකත් 02 එකත් හොදට බලන්න.ඒ දෙකේම Unlimited Emails කියලා සදහන් කරලා තියෙනවා.ඒ වගේම Subscribers කියලා එකකුත් තියෙනවා.මේකේ අදහස තමා ඔබට මසකට ලැබෙන ග්රාහකයන් ගණන.ඒ අනුව මේ රූප සටහන් වල පැකේජ වල අරුථ මම පහතින් දක්වන්නම්.
01 වන රූප සටහන,
$9.99 පැකේජය ඔබ මිලදී ගත්තොත් මසකට Email ලිපින 500කට ඕන තරම් Email යැවීමට ඔබට හැක.
$12.99 පැකේජය මිලදී ගත්තොත් ඔබට මසකට Email ලිපින 2500කට ඕන තරම් Email යැවීමට හැක.
$19.98 පැකේජය මිලදී ගත්තොත් ඔබට මසකට Email ලිපි 10,000 කට ඕන තරම් Email යැවීමට හැක.
02 වන රූප සටහන,
මෙහි සදහන් දේ ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි.මම මේ රූප සටහනේ අවසාන පැකේජය කොටු කළා.ඒක දිහා පොඩ්ඩක් බලන්න.ඔබට මසකට $240ක් ගෙවා Email ලිපින 50,000කට Email අසීමිත ලෙස Send කළ හැක.
නමුත් අපට VPS හරහා වසරකට $600ක් පමණ වියදම් කර මසකට අසීමිත Email ලිපින ප්‍රමාණයකට Email අසීමිත ලෙස Send කළ හැක.ඒ අනුව Email Sending සදහා වඩා ගැලපෙන්නේ VPS බව ඔබට පැහැදිලි වනු ඇත.නමුත් මේ ගැන දන්නා පිරිස් නොමැතිකම හේතුකොට ගෙන ලෝකයේ විශාල පිරිසක් මේ _ වැනි වෙබ් අඩවි වලට විශාල ලෙස මුදල් ගෙවති.
10.නොමිලේ මහා පරිමාණයෙන් Email Send කිරීම...........
මහා පරිමාණයෙන් කිව්වට නොමිලේ අපිට Send කරන්න පුලුවන් පොඩි Email ප්රමාණයයයි.මේකට අපි භාවිතා කරන්නේ www.MailChimp.com කියන වෙබ් අඩවිය.මේකේ Free Account එකක් හදා ගන්න පුලුවන්.එතකොට අපිට මසකට Subscribers ලා 2000කට Email 12,000ක් Send කරන්න පුලුවන්.එම නිසා මේ සේවාව අපිට Email Marketing වලදී භාවිතා කරන්න බැහැ.එහෙත් මම මේ වෙබ් අඩවිය මෙතනදී සදහන් කළේ ඔබට යම්කිසි දවසක එකවර Email විශාල ප්‍රමාණයක් හදිසි අවස්ථාවකදී Send කරන්න අවශ්‍ය වුවහොත් ඔබට පුලුවන් මේ Mailchimp සේවාව භාවිතා කරන්න.
11.Email Sending Job වල වැදගත්කම හා වටිනාකම.....
අපිට කරන්න තියෙන්නේ Email Send කිරීමටයි.එම නිසා මේ Job එක ලබා දෙන කෙනා අපිට Email list or Data base එකක් ලබා දෙනවා.බොහෝ විට ඔවුන්ගේ පැතුම දිනකට Email 500,000 - 1,000,000 Send කිරීමටයි.එසේ දින 20-30ක් Send කිරීමට අපට ලබා දෙන Email ප්‍රමාණය ගැන ඔබ සිතුවාද? අප අලුතින් Email එකතු කිරීමට උනන්දු විය යුතු නැත.Job එක ලබා දෙන කෙනා අපිට Email මිලියන 20-50ක් ලබා දී ඒවා Send කිරීමට නියම කරයි.මෙසේ ලැබෙන Email අපිට නැවත කවුරු හරි කෙනෙක් Email අවශ්‍ය යැයි කී විට සපයා විකිණීමෙන් මුදල් ඉපයීමට පුලුවනි.එම නිසා මේ Email Send කිරීම කියන එක ඉතා වටිනා දෙයකි.Email Send කරන කෙනෙක්ට මසකට Email මිලියන 100ක් 200ක් එකතු කර ගත හැක.
ඇත්තටම කිව්වොත් VPS වලට Install කරන්නේ Software නෙමේ.ඒවා බොහෝ විට Script වගයක්.නමුත් ඇතැම් විට Software Install කරනවා.ඒ අනුව මේ ලිපියෙන් ගොඩාක් දේවල් දැන ගන්න ඇතිනේ.එහෙනම් මේ ටිකත් කියවලාම යන්න.මම ළගදීම මේ බ්ලොග් එකෙන් සමුගන්න යන්නේ.ඒ කියන්නේ අපේ ආවාම මම පරිගණකයට සමු දෙනවා.එන්න එන්නම් වැඩ වැඩි වෙනවා.ඊලගට ඉස්කෝලේ පටන් ගත්තාම බෙල්ලටම හිර වෙනවා.ඒක නිසා මම තීරණය කළා බ්ලොග් එකෙන් යන්න.මම බ්ලොග් එකෙන් යන්න කලින් මේක වෙන අයෙකුට පවරනවා.එතකොට එයා තමයි මේකේ ඇඩ්මින්.එයා මේකේ ලිපි ලියන්නේ නැහැ.එතකොට මෙච්චරකල් මේ බ්ලොග් එක කියවපු ඕන කෙනෙක්ට මේකේ ලිපි ලියන්න පුලුවන්.හැබැයි ස්පෑම් කරන්න බැහැ.ඔයලා මේකේ ලිපි ලියන්න ලොග් වෙන්න ඊමේල් එකක් හා පාස්වර්ඩ් එකක් ඇඩ්මින් දෙයි.එයාව කන්ටැක්ට් කරන විදිය මම පස්සේ කියන්නම්.ලිපිය ලියන කෙනාට පුලුවන් ලිපිය ආරම්භයේත් ලිපිය අවසානයේත් එයාගේ නම ගම සහ එයාගේ බ්ලොග් එකක් තියේ නම් ඒකට ලින්ක් එකක් දාන්න.
කවුරු හරි රිෆරල්ලා ගොඩ නගා ගැනීමට මෙහි ලිපි පල කරන්නේ නම් එවැනි ලිපි ඉවත් කිරීමටත් ස්පෑම් කමන්ට් ඉවත් කිරීමටත් ඇඩ්මින් කටයුතු කරාවි.එසේම කාට හරි සිංඩිකේටරයට බ්ලොග් එක දාගන්න ඕන නම් හෝ දැන්වීමක් දාගන්න ඕන නම් ඇඩ්මින්ට ඊමේල් එකක් යවන්න.එසේම මගේ සිම්පත 2018 දක්වා වලංගුයි.
No comments:
Post a Comment