Tuesday, 11 June 2013

මොන මාසයේ ද ඔයා ඉපදුනේ..

ඔයා ඉපදුණේ January වල නම්, ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. February වල ඉපදුණ අය, ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. March වල ඉපදුණ ඔයා, හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා ඉපදුණේ April වල නම්, හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයා May වල ඉපදුණා නම්, ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. June වල ඉපදුණ ඔයා, දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. July වල ඉපදුණා නම්, ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. August වල ඉපදුණ ඔයා, Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. ඔයා ඉපදුණේ September වල නම්, ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. B’Day එක තියෙන්නේ October වල නම්, ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන කෙනෙක්. November වල ඉපදුණු ඔයා, Creative ideas තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා identity එකක් හදා ගන්නවා... ඔයා ඉපදුණේ December වල නම්, හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි.

No comments:

Post a Comment