Saturday, 15 June 2013
සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!!
ගොසිප් 9 හි පළවූ මේ පුවත ට පිටකොටුව ද කොමෙන්ටුවක් එක් කලේය. පහත දැක්වෙන්නේ ඒ කොමෙන්ටුවයි..
ඇත්තටම මේක ලංකාවේ මාධ්‍යවල ඉන්නා මාධ්‍යකරුවන් කියා ගන්නා පුද්ගලයන්ගේ නිරුවත පෙන්වන හොඳ උදාහරණයක්. මම හිතන විදියට මේකට නම් සෝමා එදිරිසිංහට බැනලා වැඩක් නෑ. මෝඩ තකතීරු මාධ්‍යකරුවන් කරන හැම වැඩකටම ඒ ගෑණු මනුස්සයා පලි නෑ. එයාට වැදගත් එයාගේ එකවුන්ට් එක ගාණට පිරෙනවාද කියන එක විතරයි. මේ වගේ තකතීරු වැඩ ගැන එයා සමහරවිට දන්නෙවත් නැතුව ඇති. කොහොම වුනත් මේ වගේ තකතීරු වැඩවලින් තමන්ගේ පොකට් එක පුරවගෙන ජනසරණ කියලා රෝද පුටු බෙද බෙදා ගියාට වෙන පිනක් නෑ. මොකද අධාර්මිකව උපයපු ධනය නිසා.
කජු පැකට් දෙකේ උපරිම ගාණ රුපියල් දෙදාස් පන්සීයක් කියමු. දෙදාස් පන්සීයක හොරකමක් ගැන ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක ඔහොම අඬබෙර ගසා පෙන්වීම කොතරම් දුරට සාධාරණද? හොරකම වැරදි බවට කිසිම සැකයක් නෑ. නමුත් පිටකොටුව හිතන්නේ මේ සිද්ධියේදී වෙළඳසල් සේවකයා විසින් අදාල යුවලට කණට ගැසීමෙන් ලබා දුන් දඬුවමට වඩා දහස් ගුණයක දඩුවමක් ස්වර්ණවාහිනියේ සීතල කාමරවලටවී ඔවුන්ට ගල් ගැසූ ශුද්ධවන්ත මාධ්‍යකරුවන් විසින් ලබා දී ඇති බවයි.
මළ ගෙවල්වල කාන්තාවන් කෙහෙවලු කඩාගෙන අඬාවැටෙන ආකාරය විකුණන් කන මේ මාධ්‍ය ආයතනය රටේ සිදුවන මිලියන බිලියන ගණන් වටිනා වංචාවන් පසුපස සිටින ටයිකෝට් කරුවන් ගැන කෙළ බිඳුවක් හලා ඇද්ද? මොවුනගේ “ගවේෂණාත්මක” මාධ්‍ය කලාව යොමු වන්නේ මෙවැනි තුට්ටු දෙකේ ප්රවෘත්ති කෙරෙහි පමණද? ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති දුප්පත් ජනතාවගේ රුපියල් වලින් මිලියන ගණන් සූදු කෙළින ලද අගවිනිසුරුවරියගේ සැමියා ගේ රෙදි මෙහි සිටින තරුණ යුවලගේ රෙදි ගැලවූ ආකාරයට ගැලවීමට තබා ඒවා ගැන වචනයක් දෙඩීමටවත් මේ ඊනියා මාධ්‍ය වෙදීන් ගේ දිවවල් නැමෙනවාද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment