Monday, 17 June 2013

( ගෝතයා දිලිසෙයි. බයගෝතයා බැබලි බැබලී දිලිසෙයි. )

ආරක්ෂාවට එල්ලවී ඇති අවසාන තර්ජනය පැන නගින්නේ නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට එමින් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ෆේස්බුක්, ට්විටර් වැනි මාධ්‍යය තුලින් යැයි මැදමූලන බාලම ගංකබරයා බයගෝතයා පවසා ඇත. යුද්දයට බයේ ඇමරිකාවට පැනගොස් වසර 15 ක් සැඟවී සිටි මේ බයගෝතයා මෙසේ පවසා ඇත්තේ පසුගියදා කොතලාවල ආරක්ෂක පීඨයේ පැවැති ඔහුගේ මෝඩ දේසනයකදී ය.
ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල විප්ලවීය දේශපාලන වෙනස්කම් වලට අනතර්ජාලයේ සමාජ මාධ්‍යය මුල්වූ බවට අනතුරු හඟවා සිටි බයගෝතයා සම්ප්‍රදායීක ආරක්ෂක මෙවලම් මගින් පාලනය කළ නොහැකි මේ නව තර්ජනයට මුහුණදීමට පියවර ගන්නා බවද පවසා සිටියේ ය. කාර් එකක යන්නට බය වී අනෙක් සියළුම දෙනාගේ ගමන් බිමන් නවතා පාර වසා තමන් පමණක් පාරේ ගිය මේ බයගෝතයා අන්තර් ජාලයට බිය වී සියළුම දෙනාගේ අන්තර් ජාල පහසුකම් වසා දැමීම හෝ ෆේස් බුක් ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි වසා දැමීම හෝ සිදුකළ හැකියයි මැදමූලන ගං කබරයන් ගැන දන්නා අය පවසති.

No comments:

Post a Comment