
Friday, 7 June 2013
අනේ..අනේ.. ඩීල් රනිල්… මෙන්න රනිල්ගේ ඓතිහාසික කතාව..
පාර්ලිමේන්තුවේ නිහඬව සිට ගිනස් වාර්තා තබා ඇත්තේ තමා නොව මැතිවරණ ගණනාවක් පරාජයට පත්වු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
*ඡන්ද 20කට වැඩිය පරාජය වුණ ලොව ඉන්න එකම විපක්‍ෂ නායකයා ලෙස එතුමා වාර්තාවක් තබා තියෙනවා. (හරියටම කිව්වොත් 29ක් )
* ජනාධිපතිවරණ දෙකක් පරාජය වී ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී බාහිරින් අපේක්‍ෂකයෙන් නම් කළ එකම විපක්‍ෂ නායකයා ලෙසත් ලෝක වාර්තාවක් තබා තියෙනවා.
* මහා මැතිවරණ තුනක් පරාජය වූ ලෝකයේ එකම විපක්‍ෂ නායකයා ලෙසත් ලෝක වාර්තාවක් තබා තියෙනවා.
* විපක්‍ෂ නායක ධුරය දරන කාලයේදී විපක්‍ෂයේ මන්ත්‍රිවරු 60කට වැඩිය ආණ්ඩුවට යවපු විපක්‍ෂ නායක ලෙසත් ලෝක වාර්තාවක් තබා තියෙනවා.
94 වසරේ සිට අවුරුදු 16ක් තිස්සේ විපක්ෂයේ සිටින රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන්, විපක්ෂය වෙනුවෙන් කර ඇත්තේ කුමක්දැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ප්‍රශ්න කළේය.
විපක්‍ෂ නායක වැය ශීර්ෂය දැන් ලක්‍ෂ 860ක් දක්වා වැඩි වී තිබෙනවා. එය වාර්තාගත වැඩිවීමක්. මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරලා නඩත්තු කරන විපක්‍ෂ නායකයා වත්මන් විපක්‍ෂ නායකයායි. එසේම ලංකාවේ පමණක් නොව ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාලයක් එරට ජනයාගේ වියදමින් නඩත්තු වූ විපක්‍ෂ නායකයා වත්මන් විපක්‍ෂ නායකවරයායි.
පසු සටහන….
සමහර වෙබ් අඩවි හා ඇතැම් මාධ්‍ය මගින් ඩිල් රනිල් නම් වූ මේ මේ දරහැව ඓතිහාසික වචන යොදා පිම්බීමේ කොන්තරතුවක් ඉටු කරමින් සිටී. ඒ තමන්ට හිමිවන ගතමනාව සදහා විය හැක. නමුත් ඇත්ත වෙනුවන් පෙනී සිටින කවර ජනමාධ්‍යවේදියෙකුට වුව හැගෙන දැනෙන ඇත්ත කතාව නම් රටකට නායකත්වය දීමට, විපක්ෂයකට නායකත්වය දීමට තියා මරණාධාර සමිතියකවත් නායකත්වය නොදිය යුතුය කියන සරල ඇත්තයි. ඔය දේ නොතේරෙන රනිල් වැනිම sense නැති මාධ්‍යකරුවන් ද සිටින බව පමණක් අප තේරුම් ගනිමු. නමුත් ඔවුනට එවැනි මතයක් දැරීමට ඇති අයිතිය අප පිළිගනිමු.

Labels:
Gossip
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment