Wednesday, 12 June 2013
වැසිකිලි නැති හම්බන්තොට මහින්ද රාජපක්ෂ
(2012 සැප්තැම්බර් මස 23 වැනිදා) රුපියල් බිලියන 04 දශම 02 ක වියදමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටිය නිර්මාණය කරනු ලැබුවා. මෙම ක්‍රීඩා පිටිය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙසද මේ වන විට සැලකෙනවා. ක්‍රීඩා පිටිය නිර්මාණය කරනු ලැබුවේ 2011 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහායි. මෙම ක්‍රීඩා පිටියේ ඇති මාධ්‍ය කුටිය ලොව එම ආකාරයේ එකම මාධ්‍ය කුටිය වනවා. ඒ මාධ්‍ය කුටිය තුල විශාල කණු පැවතීම හේතුවෙන්. සාමාන්‍යයෙන් මාධ්‍ය කුටිය සම්පූර්ණයෙන්ම තනි කුටියක් ලෙස නිර්මාණය කිරීම සිරිතක්. ඊට හේතු වූයේ මෙම කුටිය නිර්මාණය කිරීමට දායක වූයේ චීනය වීමයි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම අතින් සිටිනුයේ තවමත් ප්‍රථමික මට්ටමකයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩා පිටිය මෙතරම් මුදලක් වැය කර නිර්මාණය කළද ඊයේ මාධ්‍ය කුටිය තුල වතුර ගලා විත් තිබුණා. මේ අනුව වැස්සට මාධ්‍ය කුටිය ඔරොත්තු නොදෙන ආකාරයක් දක්නට ලැබෙනවා.
ක්‍රීඩා පිටියේ ප්‍රධානම ගැටළුව වන්නේ නරඹන්නන් සදහා වැසිකිලි පහසුකම් නොවීමයි. මේ හේතුවෙන් තරග නැරඹීම සදහා පැමිණෙන්නන් දැඩි අපහසුතාවයන්ට ලක්වනවා. පසුගිය තරග වලදී නරඹන්නන් සදහා ජංගම වැසිකිලි පහසුකම් ලබා දි තිබුණා. එහෙත් ඒවාද ප්‍රමාණවත් තරම් තිබී නැහැ. මේ හේතුවෙන් කාන්තාවන්ට වෙන් කළ වැසිකිලි සදහා පිරිමි ගොස් ඇතැයිද වාර්ථා වනවා. එමෙන්ම වැසිකිලි අසල නිරතුරුවම දිගු පෝලිම් දැකිය හැකි බවයි සදහන් වන්නේ. ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයට නරඹන්නන් 1000 කට ආසන්න පිරිසක් අනවසරයෙන් ඇතුලු වී ඇත්තේ තරගාවලියේ ආරක්ෂක කටයුතු සිදුකළ විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය බලා සිටියදීයි. ඔවුන්ට නරඹන්නන් පාලනය කිරීමට හැකියාවක් තිබී නැහැ. මේ අනුව තරගාවලිය සදහා යොදවා ඇති ආරක්ෂාව පිලිබදවද ගැටළු මතුව ඇතැයි සදහන්. කෙසේ වෙතත් තරගාවලියේ මේ වන විට හම්බන්තොට පැවැත්වෙන සිටළු තරග අවසන් වී තිබෙනවා.
Labels:
Gossip
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment