ඔබ Facebook Page එකක් පවත්වාගෙන යන අයෙක් නම්, ඔබ සෑම විටම බලන්නේ ඔබේ fans ලා සමග මනා සබදතාවයක් ගොඩනගා ගන්නයි. ඒ සදහා ඔබ විවිද ප්‍රයෝග බාවිතා කරනවා වෙන්න පුළුවන්. අද මම මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබේ facebook page එකට chat room එකක් එකතු කරගන්නා ආකාරය පිලිබදවයි. ඉතින් මෙවැනි chat room එකක් ඔබේ facebook page එකට එකතු කරගෙන, එය ක්‍රියාකාරීව පවත්වාගෙන යෑමෙන් fans ලා සමග ඔබට හොද සබදතාවයක් ගොඩනගා ගන්නට පුළුවන්.

කොහමද Facebook page එකට මේ වගේ Chat Room එකක් එකතු කරගන්නේ?
හරිම ලේසියි. තත්පර කිහිපයකින් ලේසියෙන්ම ඔබට පුළුවන් මෙය ඔබේ fan page එකට එකතු කරගන්න.
මුලින්ම මෙතන ක්ලික් කර ගොස් පහත රුපයේ ලෙස ලැබෙන පිටුවෙන්, ඔබට Chat Room එක එකතු කරගන්න අවශ්‍ය ඔබේ Facebook page එක තෝරා “Add Page Tab” යන්න ක්ලික් කරන්න.

ඉන් පසු ඔබට දකින්නට පුළුවන් ඔබේ Page එකේ “Chat” ලෙසින් අළුත් tab එකක් එක්වී ඇති බව. එම Tab එකට ගිය පසු පහලින් ඔබට දකින්න පුළුවන් “Start Chatting” ලෙස තිබෙනවා. එය ක්ලික් කර “Chat for Pages” app එක සදහා අවසර ලබාදී ඔබට පුළුවන් chat room එක බාවිතය අරබන්න.

මෙම application එකේ ඇති විශේෂාංග මොනවාද?
Public Chat Room එකේ chat කරණ අතරම එයට අමතරව chat room එකේ ඉන්න අනෙක් අය සමග privet chat කළ හැකි වීම.
වර්ණ text බාවිතා කළ හැකි වීම.
තමන් Chat Room එකේ chat කරමින් සිටින බව දන්වමින්, අනෙකුත් facebook මිතුරන්ටත් එයට සහබාගී වන ලෙස දැන්විය හැකි වීම.
Public Chat එක තුල අනෙකුත් chatters ලාව tag කළ හැකි වීම.
මම කලින් සදහන් කළා මෙන්ම මෙය ඔබේ Fans ලා සමග මනා සබදතාවයක් ගොඩනගා ගන්න හොද පිලියමක් විදියට හදුන්වන්න පුළුවන්. එහෙමනම් ඉතින් මෙ හා සම්බන්දව යම් ගැටලු හා ඔබේ අදහස් වේ නම් කමෙන්ට් කරන්න. ඔබට ජය !!
No comments:
Post a Comment