
Tuesday, 4 June 2013
ශ්‍රී ලංකාවට PayPal නිදහස දීමට මහ බැංකුවේ අවධානය....
පිට රටවල සිට ශ්‍රී ලංකාව තුළට මුදල් එවීම අන්තර් ජාලය තුළින් ගෙවීම් කටයුතු වැනි ශ්‍රී ලංකාව තුළට සිදුකරන මුදල් ප්‍රේෂණ කටයුතු ගෝලීය වශයෙන් ඉතාමත් පිරිවැය අඩු Paypal සේවාව හරහා සිදුකිරීමට අනුමැතිය ලබාදීමට අවධානය යොමුව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය...
වැඩි දුරටත් ඔහු කියා සිටියේ..මේ පිළිබඳව අපි ඉතාමත් බැරෑරුම් විදිහට සලකා බලා තිබෙනවා..
මේ වනවිට ශ්‍රී ලංකාවේ සිට පිට රටවලට කරන ගෙවීම් සඳහා Paypal සේවාව භාවිතා කිරීමේ හැකියාව තිබේ.
නමුත්, ශ්‍රී ලංකාව තුළට Paypal මගින් ගෙවීම් සිදුකිරීමට නොහැකිවී තිබෙන්නේ Paypal ගිණුම් මෙරට බැංකු ගිණුම් සමග ඒකාබද්ධ කිරීමට අවසර හිමි නොවීම නිසයි...Paypal සේවාව බොහෝවිට අන්තර් ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතු වලට අදාළ ගෙවීම් කිරීම සඳහා ගෝලීය වශයෙන් ප්‍රචලිත වී තිබේ.
උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.
ශ්‍රී ලංකාව තුළට Paypal හරහා ගෙවීම් සිදුකිරීමට නොහැකිවීම මෙරට අන්තර් ජාල ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට විශාල බාධාවක් ලෙසින් පවතී...

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment