Saturday, 8 June 2013

ඔයාලගෙ වෙබ් අඩවියට traffic මදිද??

ඔයාලගෙ වෙබ් අඩවියට traffic මදිද?? අද දවසෙදි අපි කතාකරන්නේ වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට සෙනග( Traffic ) ගෙන්නාගන්නා ක්‍රමයක් ගැන.මම මේ ලිපියෙදි වෙනස් සහ නොහිතන පැති කිහිපයක් පිළිබඳ කතාකරන්නයි හිතාගෙන ඉන්නේ.සාමාන්‍යයෙන් ලිපියකදි මේ විෂය ගැන කියද්දි හැමෝම කියන දේ තමයි,යම්කිසි වෙබ් අඩවියකට කියවන්නන් වැඩි ප්‍රමාණයක් පැමිනීමටනම් එම අඩවියේ අන්තර්ගතය නිතර නිතර අළුත් වියයුතු බව.ඔව් ඒක ඇත්ත.එහෙම වෙලත් සමහර අඩවි වල කියවන්නන් ප්‍රමාණය අඩුයි කියලා සමහර අය කියයි.ඔව් එහෙම වෙන්නත් පුළුවන් ගොඩාක් වෙලාවට මේ ඔබ දුක් විදින්නේ ඔබේම වරදක් නිසා විය හැකියි. ඔබගේ වෙබ් /බ්ලොග් අඩවිය පිළිබඳ සැලකිලිමත් විය යුතු කරුණු. මුලින්ම බලමු එන අයව රඳවා තියාගන්න විදිහ. 1)ඔයාගේ වෙබ් අඩවියට එන කියවන්නන් හෝ නරඹන්නන් කිසිම විටක අනවශ්‍ය ලෙස රස්තියාදු නොකල යුතුයි. 2) සපයන සේවාවට ඔබින ආකාරයේ Template එකක් වෙබ් අඩවියට තිබියයුතූයි. 3)බොහෝ දෙනා නොදන්න දෙයක් තමයි සාමාන්‍ය කියවන්නෙක් හෝ නරඹන්නෙක් බලාපොරොත්තු වෙන දේවල්.එකක් තමයි ඔයාගේ වෙබ් අඩවියේ හරි බ්ලොග් අඩවියේ හරි Logo එක නැත්නම් Header එකේ තියෙන නම Home Page එකට නැත්නම් මුල් පිටුවට Link වෙලා තිබීම.ඒ කිව්වේ Header එකේ තියෙන Logo එක Click කලාම homepage එකට යන්න ඕනෙ. 4)බ්ලොග් එකක හෝ වෙබ් අඩවියක Search Box එකක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒක නරඹන්නෙක් බලාපොරොත්තුවෙන තැන් කිහිපයක් තියෙනවා.එහෙම එක ස්ථානයක් තමයි දකුණු පැත්තෙ ඉහල කෙළවර,නැත්නම් වම් පැත්තෙ Header එකට පොඩ්ඩක් පහලින්. 5)බොහෝදෙනා කැමතියි වෙබ් අඩවියකට ගියාම ඒ අඩවිය පිළිවලකට තියෙනවා දකින්න.ඒක හින්දා සමහර අය එක එක දේවල් මේ වෙබ් අඩවි වලට එකතු කරනවා.උදාහරණයක් විදිහට කිව්වොත් Flash Animations ,Flash Clock වගේ දේවල්.මේ වගේ දේවල් දැම්මහම තමන්ටත් නොදැනිම ඔයාලගෙ Web Site එකේ Loading Time ඒක් වැඩි වෙනවා... ඒවගේ දේවල් පුළුවන් තරම් අඩු කරනවානම් හොඳයි. 6)සාමාන්‍යයෙන් Image Slider එකක් Web Site එකකට දාන එක දැන් පුරුද්දක් වෙලා.මේ Image Slider එකට දාන Images ගැන පොඩි සැලකිල්ලක් දක්වන්නත් අමතක කරන්න එපා.මොකද මේ වගේ Slider එකකට දාන Images සාමාන්‍යයෙන් විශාල ඒවා නිසා ඒවා වැඩි ඉඩක් ගන්න පුළුවන්.පුළුවන් තරම් Images පොඩි කරලා තියෙනවානම් හොඳයි. .png වලින් තියෙනවානම් ඔයාලට පුළුවන් tinypng.com පාවිච්චි කරලා පොඩි කරගන්න.නැත්නම් ඉතිං Photoshop,Gimp,Photoscape වගේ එකක් පාවිච්චි කාලා පොඩිකරගන්න ඕනෙ. 7)කොහෝදි හරි තැනකදි Web site එකෙන් පිටත් තැනකට link එකක් දෙනවානම් අළුත් Tab එකක ඒ Link එක Open වෙන විදිහට හදාගන්නවානම් තවත් හොඳයි.

No comments:

Post a Comment