Tuesday, 16 July 2013
ලක්ෂ නමයේ වංචාවට මම සම්බන්ධ නෑ - දමිතා
හරිත වසන්තය නැමැති ව්‍යාපෘතියක් හරහා ඉඩම් වගා කර ආදායම් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචා කළැයි කියන තම සොයුරා වන සංජය බණ්ඩාර අබේරත්න ගනුදෙනුවලට ඇගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න කියයි.
කෙසේවෙතත් දමිතා සිය සොයුරාගේ ව්‍යාපාරයේ වෙළෙද දැන්වීම් සදහා පෙනී සිට ඇති බවද පැවසේ.
රිමාන්ඩ් භාරයට පත් ඇගේ සොයුරා දමිතා පදිංචිව සිටින බොරලැස්ගමුවේ නිවසට යාබදව පදිංචිව සිටින බවද වාර්තා වේ.
දමිතා අදාල ව්‍යාපාරයේ පුවත්පත් දැන්වීම් සදහා පෙනී සිටියේ හිතවත් කමට පමණක් බවත් එහි කිසිදු මුදල් ගනුදෙනුවක් නොවූ බවද ඇය පවසන්නීය.
එම පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියද එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් දැනුවත් වී නොමැති බවද 2011 වර්ෂයේ ජුනි 21 වැනි දින මුදල් ලබානොගෙන තමන් පෙනී සිටි පුවත්පත් දැන්වීම ඉවත්කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද, 2011 වර්ෂයේ ජුනි 30 වැනි දින එය පිළිගත් බවට ලිඛිතව ලිපියක් ලැබුණු බවද, එතැන් සිට නැවත එම ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීම්හි තමන් පෙනී නොසිටිය බවද දමිතා සදහන් කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දමිතාගේ සොයුරා හා තවත් අයෙක් ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment