Wednesday, 22 May 2013

රොජර් ෆෙඩරර් යළි නඩාල් භීතිකාවට ගොදුරු වෙයි

රොජර් ෆෙඩරර් යළි නඩාල් භීතිකාවට ගොදුරු වෙයි.. පසුගියදා නිමාවට පත්වූ ඉතාලි විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගන්නට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් විය. සම්ප්‍රදායේ වෙනසක් නොවී එම අවසන් තරගයට නඩාල් සමඟ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සුදුසුකම් ලබා තිබූ අතර විනාඩි 68ක් තිස්සේ පැවැති තරගය 6-1ක් හා 6-3ක් ලෙස නඩාල් ජය හිමිකර ගත්තේය. මීට පෙර මෙම තරගාවලියේ අවසන් තරගයේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනා 2006 වසරේදී ද හමුවී තිබූ අතර එවරද රෆායල් නඩාල් ජය ගනු ලැබූ නමුත් ඒ සඳහා පැය 5ක කාලයක් ගතවී තිබිණි. එබැවින් එය ඉතාලි විවෘත තරගාවලියේ උද්වේගකරම අවසන් තරගය ලෙසින් සටහන්ව ඇත. ටෙනිස් තරගයේදී මේ දෙදෙනා හමුවූ 30 වැනි අවස්ථාව මෙම තරගයෙන් සටහන් වූ අතර ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 28 ක්ම ඔවුන් දෙදෙනා අතර බෙදී ගොස් තිබීමද විශේෂත්වයක් විය. ආබාධයකට ලක්වීම නිසා ගෙවී ගිය මාස 7ක කාලයක් පුරා ක්‍රීඩාවෙන් අෑත්ව සිටි නඩාල් නැවත ක්‍රීඩාවට එක්වූ පසු සහභාගි වූ තරග මාලා 8කින් හයකම ශූරතා දිනා ගත් අතර මේ වනවිට 2013 වසර තුළ සහභාගි වූ ටෙනිස් තරග 38කින් 36ක්ම ජයග්‍රහණය කරන්නටද සමත් වී ඇත.

No comments:

Post a Comment