Wednesday, 22 May 2013
අනතුරට ලක් වූ පාපැදිකරුගේ ගමන් මල්ලේ ගල් ඉබ්බෝ
අනතුරට ලක් වූ පාපැදිකරුගේ ගමන් මල්ලේ ගල් ඉබ්බෝ..
දකුණු පළාතේ උප නගරයක් අසල මහ මග වූ රිය ගැටුමකි. රාජ්‍ය සංස්ථාවකට අයත් ජීප් රථයක ගැටී තිබුණේ පාපැදිකරුවෙකි. වඩු කර්මාන්තයේ නිරතව සිටි මේ පාපැදිකරු බොහෝ දෙනකු දන්නා හඳුනන මැදිවියේ වූ සැදැහැවත් කෙනෙකි.
මේ නිසාම එතැනට එක්වූ තරුණ පිරිස පාපැදිකරු ඔසවාගෙන විත් පසෙක තබා ජීප් රථයේ වූවන්ට දැඩි සේ චෝදනා කොට පොලිසියට ද දුරකථන ඇමතුමක් දුන්හ.
බයිසිකලයට තරමක අලාභ සිදුව තිබූ අතර පසෙකට විසිවී තිබුණු ඔහුගේ බෑගය ගෙන ඒමට ගිය තරුණයකුට තරු පෙනුණේ ඒ තුළ සිට ගල් ඉබ්බන් දෙදෙනකු එළියට එන ආකාරය දුටු හෙයිනි.
පොලිසිය පැමිණ පරීක්ෂණ පවත්වන අතර ගෙන ආ ඉබ්බන් ගැන විමසන විට ඔහු කීවේ තම මිදුලට ආ මේ ඉබ්බන් දෙදෙනා වතුර ඇළකට දැමීමට බෑගයේ දමාගෙන ආ බවක්ලූ.
Labels:
දේයියෝ සාක්කි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment