නුවර පාරේ කොටසක් වැසෙයි..
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරනායක වටරවුමේ සිට කැලණිපාලම කෙලවර දක්වා පිටවීමේ මං තීරුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය කියයි. මෙම ස්ථානය මගහරිමින් බණ්ඩාරනායක වටරවුම අසළින් දකුණට හැරී ඉගුරුකඩේ හන්දියට ගොස් එතැනින් දකුණට හැරී ජපන් මිත්‍රත්ව පාලම ඹස්සේ නවලෝක වටරවුමට පැමිණ දකුණට හැරී කැලණි වටරවුම පිහිටි ස්ථානයෙන් මහනුවර මාර්ගයට පැමිණීමට හැකියාව ඇති බව ද පොලීසිය කියයි.
No comments:
Post a Comment