Tuesday, 21 May 2013

අරාබියේ මරණ දඬුවම අපිට වෙනස් කරන්න බෑ

අරාබියේ මරණ දඬුවම අපිට වෙනස් කරන්න බෑ.. මැදපෙරදිග කලාපයේ රටවල විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණවලින් දඬුවමට ලක් වී සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 10කට ආසන්න බවත්, ඔවුන් අතර මිනී මැරුම් චෝදනාවලට වරදකරුවන් වූවන්ද සිටින බවත් මැදපෙරදිග රටවල දී විවිධ වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ශ‍්‍රී ලාංකිකයන් එම දඬුවමෙන් නිදහස් කරගැනීමට තමන්ට කිසිදු හැකියාවක් නැති බවත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ කිසියම් රටක නීතියට බලපෑම් කිරීමට තවත් රටකට අවස්ථාවක් නොමැති බවය. කෙසේ වෙතත් මරණ දඬුවමට ලක්වූවන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය හෝ වෙනත් සංවිධාන විසින් කරනු ලබන උත්සාහයන් සඳහා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශය සහය ලබාදෙන බවයි අමාත්‍යවරයා පවසයි. ඩුබායි, අබුඩාබි, කටාර් හා සෞදි අරාබියේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයන් රැසක් මරණීය දණ්ඩනයට නියම වී සිටී.

No comments:

Post a Comment