Saturday, 25 May 2013

අයර්ලන්ත අගමැති ගබ්සාවට පක්ෂ නිසා අගරදගුරුතුමා රැස්වීම් වර්ජනයක

ගබ්සා කිරීමට අදාළ නීති රීති ලිහිල් කිරීමට අයර්ලන්ත අගමැති එන්ඩා කෙනී ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමක් වශයෙන් බොස්ටන්හි කතෝලික අගරදගුරු සීන් ඕ මැලී අගමැති එන්ඩා කෙනී සහභාගි වීමට නියමිත රැස්වීමක් වර්ජනය කිරීමට යයි. ගෞරව උපාධියක් පිරිනැමීම සඳහා අයර්ලන්ත අගමැති එන්ඩා කෙනීට බොස්ටන් සරසවියට පැමිණෙන ලෙස ආරාධනා ලැබී තිබේ. එහිදී එන්ඩා කතාවක් පැවැත්වීමටද නියමිතය. බොස්ටන් සරසවියේ උත්සව පැවැත්වෙන අන් අවස්ථාවල අගරදගුරු සීන් ඕ මැලී සිරිත් පරිදි ඊට සහභාගි වේ. ගබ්සා කිරීමට අදාළ නීති රීති සංශෝධනය කිරීමට අගමැති එන්ඩා තීරණය කර ඇත්තේ විශේෂ අවශ්‍යතා හා මානුෂික හේතුන් මත යැයි එන්ඩා කෙනී කියයි. ගබ්සාවට ඉඩ නොදීම නිසා ඇතැම් මවුවරුන් සිය දිවි නසා ගැනීමට පෙලඹුණු අවස්ථා ගැන උදාහරණ ගණනාවක්ද එන්ඩා කෙනී පෙන්වා දී තිබේ

No comments:

Post a Comment