Saturday, 25 May 2013

නාකි නිළියගේ අඩ නිරුවත කෝටි 25කට විකිණිලා

හිටපු නිළියක වන බියා ආතර් පෙනී සිටින නිරුවත් සිතුවමක් ඩොලර් මිලියන 2කට අලෙවි විය. ගෝල්ඩන් ගර්ල්ස්, මෝඩිහි රඟපෑ බියා වැඩිහිටි කාන්තාවක වශයෙන් ඉන්නා ආකාරය ජෝන් කුරින්ගේ සිතුවමේ නිරූපණය වේ. මේ සිතුවමට හරියටම ඩොලර් මිලියන 1.9ක ලන්සුවක් ඉදිරිපත් කොට ඇත්තේ දුරකතන මාර්ගයෙන් බව හෙළි වී ඇත. බියාගේ උඩුකය නිරුවත් මේ සිතුවම 1991දී එළිදැක්වෙන විට තමා එයට පෙනී නොසිටි බව ඇය කීවාය. ඇගේ මතකය අමතක වී ඇතැයි චිත්‍ර ශිල්පියාට පක්ෂ අය පැවැසූ අතර කාන්තාවන් පැවැසුවේ එය වයස ගැන නොසලකා කළ නිගරුවක් බවයි. මේ සිතුවම ඓතිහාසික සහ සුවිශේෂී එකක් බවත් ලිංගිකත්වය ගැන රැඩිකල් මතවාදයක් එයින් ඉස්මතු වන බවත් වෙන්දේසි සමාගමේ ප්‍රකාශක කොජී ඉනොවි කීවේය. 2009 දී ඇය මෙලොව හැරයන විට 86 වැනි වියේ පසු වූවාය.

No comments:

Post a Comment