Saturday, 25 May 2013

සපත්තු නැතිව දිව්වොත් අවදානම වැඩිලු..

ඇතැම් ධාවකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින පාවහන් රහිතව දිවීමේදී ආබාධයන්ට ලක්වීමේ අවදානමක් පවතින බව තායිවාන විද්‍යාඥ පිරිසක් හෙළි කරති. කෙසේ වෙතත් ධාවනයේදී සපත්තු යොදා ගන්නවාද නැද්ද යන්නට වඩා වැදගත් වන්නේ දිවීමේ ක්‍රමය බව ඔවුහු හෙළි කරති. පාවහන් රහිතව ධාවනය කිරීමේදී ස්වාභාවිකත්වයට සමීපව පියවර තැබෙන නිසා පාදයේ ඉදිරි කොටස මුලින් බිම වැද්දිය යුතු බව පර්යේෂකයෝ හෙළි කරති. එහෙත් මේ ක්‍රමයට බොහෝ ධාවකයන් හැඩ ගැසීමට අසමත් නිසා කකුලේ මාංශපේශීන් වෙත අමතර බලයක් පැටවෙන බව දත්තවලින් හෙළි විය. මිනිස් පාදය මහ පොළොව මත දිවීමට ස්වාභාවිකවම හැඩ ගැසී තිබෙන නිසා නවීන කෘත්‍රිම කුෂන් කරන ලද සපත්තු පැලඳීම උචිත නොවේ යැයි පවසමින් ඇතැම් ධාවකයෝ පාවහන් රහිතව දිවීමේ නිරත වෙති. කෙසේ වෙතත් දිවීමේ නිවැරැදි ක්‍රමය අනුගමනය නොකරන්නේ නම් පාවහන් රහිතව එසේ කිරීම අනතුරුවලට අත වැනීමක් බව ගේට් ඇන්ඩ් පෝස්චර් හි පළ වී ඇත.

No comments:

Post a Comment