Friday, 24 May 2013

පැන්සල | ඕනෑම සිංහල ෆොන්ට් එකකින් සිංග්ලිෂ් විදියට ටයිප් කරන්න.

ඔන්න අවාරෙට පොල් වැටෙනවා වගේ පෝස්ට් දාන මම අදත් අරගෙන ආවා සුපිරි වැඩ කෑල්ලක්. මේකනේ සීන් එක.. මේ සමර් කාලේ හින්දා වැඩ කෝටියයි… ගෑල්ලමය එක්ක චැට් එකක් දාල යන්ඩ එනවා ඉතින්. එච්චර තමා.. දැන් සමර් එක ඉවර වේගන එන හින්දා වැඩ ටිකක් අඩු වේගන එන්නේ.එතකොට පුළුවන් වෙයි දිගටම ලියන්න. ඒ කතා ඇති, අපි හිතමු Photoshop වල සිංහලෙන් ටයිප් කරන්න ඕන කියලා… අත්දැකීම් තියෙන ඕන කෙනෙක් දන්නවා සිංහල යුනිකෝඩ් ෆොන්ට් හරියට වැඩ කරන්නේ නෑ කියලා.. අනික ඉතින් ලස්සන ලස්සන සිංහල ෆොන්ට් එහෙම දාල සුපිරි Graphic Design කරන්න තමා අපි කවුරුත් කැමති… ඒත් ඒ සිංහල ෆොන්ට් තියෙන්නේ විජේසේකර සම්මත යතුරු පුවරුවට අනුව… ඒකට හුරු වුන අයට නම් ඉතින් ඒ තරම් ගැටළුවක් නෑ.. ඒත් අපිට මේ Photoshop වගේ සොෆ්ට්වෙයා වල සිංග්ලිෂ් විදියට ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරන්න තියෙනවා නම් අපේ කාලය ගොඩක් ඉතිරි කරගන්න තිබුනා… ඒ වගේම ඒක ගොඩක් ලේසියි… ඉතින් ඔය ප්‍රශ්නේ දිහා බලපු අපේ තුසිත මනතුංග සහෝදරයා නිර්මාණය කළා බොහොම අපූරු සොෆ්ට්වෙයා එකක්… එකේ නම පැන්සල. මේකෙන් අපිට පුළුවන් සාමාන්‍ය විදියට යුනිකෝඩ් ෆොන්ට් පාවිච්චි කරලා සිංහලෙන් ටයිප් කරන්න. ඒ කිව්වේ බ්ලොග් වල වෙබ් සයිට් වල, ෆේස්බුක් එකේ එහෙම. මං මෙතන ඒක ගැන නම් වැඩිපුර කියන්න යන්නේ නෑ.. ඔය පින්තුරයේ තියෙන විදියට යුනිකෝඩ් මෝඩ් එක පාවිච්චි කරලා සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. (ඔතන Unicode කියන එක උඩ ක්ලික් කලාම Office Mode එකට මාරු වෙන්න පුළුවන්.) මම දැන් කියන්න යන්නේ මේකේ Office Mode එක ගැන. මේක තමයි ගොඩක්ම වටින්නේ… ඔන්න මම Photoshop වල අලුත් ඩොකියුමන්ට් එකක් අරගෙන ටයිප් ටුල් එකෙන් ටයිප් කරන්නයි යන්නේ… මම ගොඩක්ම කැමති ලස්සන ෆොන්ට් එකක් තමයි FMArjunn කියන්නේ… ඉතින් ඒකත් තෝරගෙන මෙන්න මේ විදියට ටයිප් කරලා Space Bar එක එක පාරක් ඔබනවා.. පේනවා ඇතිනේ.. සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී ටයිප් වෙන්නේ එක එක හරුප ඒත් මේ Software එකෙන් හරියට පෙන්වනවා අපි ටයිප් කරන එක. වචනය ටයිප් කරලා ඉවර වෙලා Space Bar එක එක පාරක් ඔබපු ගමන් අපිට ඕන කරන වචනය එනවා.. ඉතින් මේක පාවිච්චි කරලා ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ලේසියෙන්ම සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන් අපිට. දැන් ඉතින් මේ සිංහල ෆොන්ට් වලට ඕනෑම Effect එකක් දාල ලස්සන කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව… සිංහල උපසිරැසි හදන අයගෙන් පුංචි ඉල්ලීමක්…… ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා.. අපි කවුරුත් කැමතියි සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න. අපිට සිංහල උපසිරැසි දෙන වෙබ් අඩවි වලින් දෙන්නෙත් Iskola pota කියන යුනිකෝඩ් ෆොන්ට් එකෙන් ටයිප් කරලා හදපුවා.. මේ විදියට හදපුවා අපිට පුළුවන් අපේ පරිගණකයෙන් බලන්න. ඒත් ගෙදර TV එකෙන් බලනවා වගේ කික් එකක් මට කොම්පියුටරෙන් බලද්දී ලැබෙන්නේ නෑ… ඒත් ඉතින් කරුමෙට ඔය සිංහල උපසිරැසි අපේ ෆිල්ම් එකට ස්ථිරවම එකතු කරගන්න ගොඩක් අමාරුයි… මොකද එහෙම එකතු කරගන්න නම් ෆිල්ම් එක උපසිරැසි ෆයිල් එකත් එක්ක Convert කරන්න ඕන. ඒත් දැනට තියෙන ගොඩක් Video Converter යුනිකෝඩ් වලට සහය දක්වන්නේ නෑ.. නමුත් යුනිකෝඩ් ෆොන්ට් වලින් හදපු උපසිරැසි ස්ථිරවම ෆිල්ම් එකට එකතු කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයකුත් තියෙනවා ඒ ගැන ඉදිරි ලිපියකින් ලියන්නම්. දැන් මම කියන්න ගියේ අපේ ගොඩක් උපසිරැසි හදන අය යුනිකෝඩ් ෆොන්ට් පාවිච්චි කරන්නේ සිංග්ලිෂ් ක්‍රමයට ලේසියෙන්ම ටයිප් කරන්න පුළුවන් නිසා.. ඉතින් දැන් අපිට මේ පැන්සල සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා සාමාන්‍ය ෆොන්ට් වලින් සිංග්ලිෂ් ක්‍රමයට ලේසියෙන්ම ටයිප් කරලා සිංහල උපසිරැසි හදන්න පුළුවන්. එතකොට කොම්පියුටරෙන් බලන අයට ඒ සිංහල උපසිරැසි හදන්න පාවිච්චි කරපු ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරගෙන කලින් වගේම ෆිල්ම් බලන්න පුළුවන්. TV එකෙන් බලන්න ඕන අයට කිසිම අවුලක් නැතුව සිංහල උපසිරැසි ෆයිල් එක ෆිල්ම් එකත් එක්ක Convert කරලා TV එකෙන් බලන්න පුළුවන්. ඉතින් සිංහල උපසිරැසි නිර්මාණය කරන සහෝදර සහෝදරියන්ගෙන් මම පුංචි ඉල්ලීමක් කරනවා මේ අපූරු Software එක පාවිච්චි කරලා සාමාන්‍ය ෆොන්ට් වලින් සිංහල උපසිරැසි හදන්න කියලා… ඉතින්….. අපේ ලංකාවේ අපේ සහෝදරයෙක් කරපු මේ නිර්මාණය අපිට ගොඩක් ප්‍රයෝජනවත්… මම ඉතින් ඒ සොෆ්ට්වෙයා ඒක ගැන වැඩියේ විස්තර කරන්න ගියේ නෑ.. මම කලේ ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන උදාහරණ එක්කම පැහැදිලි කිරීමක් කරපු එක. මොකද මේක දැකපු ගමන් අපේ ලංකාවේ ගොඩක් අය හිතන්නේ “අපෝ ඕක හදලා තියෙන්නේ ලංකාවේ එකෙක්ද? මෙලෝ රහක් නැතුව ඇති එහෙනම්” කියලා… ඉතින් ඒ නිසාම උදාහරණ එක්කම පෙන්නුවා මේකේ තියෙන වටිනා කම. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔය පහල තියෙන පින්තුරය උඩ ක්ලික් කරලා තුසිත මනතුංග සහෝදරයාගේ වෙබ් අඩවියට යන්න.

No comments:

Post a Comment