
Saturday, 25 May 2013
ආසියානුවන්-ශ්‍රී ලාංකිකයන් රට පටවන මිනිස් ජාවාරමක්
බ්‍රිතාන්‍ය හා ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින් නීති විරෝධීව බ්‍රිතාන්‍යය වෙත ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියානුවන් ගෙන යෑමේ මිනිස් ජාවාරමක් හෙළිකර ගැනීමට යුරෝපා පොලිසිය සමත්ව තිබේ.
මෙහිදී පුද්ගලයන් 18 දෙනකු අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන්ගෙන් 11 දෙනකු බ්‍රිතාන්‍යයෙන්ද, සෙසු පිරිස ප්‍රංශයෙන්ද අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් එක් අයකු හැරෙන්නට සෙසු සියලු දෙනාම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අය බවත්, අනෙක් තැනැත්තා ඕලන්ද ජාතිකයකු බවත් පැවැසේ.
ජර්මන් පොලිසියේ ද සහාය ඇතිව බ්‍රිතාන්‍ය හා ප්‍රංශ පොලිස් නිලධාරීන් ඒකාබද්ධව කරන ලද වැටලීම්වලින් පරිගණක, ලියකියවිලි, ජංගම දුරකතන හා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව වාර්තා වී ඇති අතර නීති විරෝධීව බි්‍රතාන්‍යයට ඇතුළු කිරීම සඳහා යුරෝ 5000 ක් පුද්ගලයකුගෙන් අයකර ඇති බවත් සඳහන්ය.
ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ප්‍රංශයේ වරායන් හරහා බ්‍රිතාන්‍යයට ඇතුළු කර ඇති බවත්, සමහරුන් බි්‍රතාන්‍යයේ සිට ව්‍යාජ ලියකියවිලි සහිතව ඇමෙරිකා එක්සත් ජනපදයට පවා ගොස් ඇතැයි හෙළිකර ගෙන ඇත.

Labels:
Gossip
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment