Thursday, 23 May 2013

සැමියාගේ පහරින් බිරිඳ බිළිඳිය මත වැටී දැරිය නසී

අඹු,සැමි යුවළක් අතර නිවස තුළදී ඇති වී තිබෙන ආරවුලක් දුරදිග යෑමෙන් කෝපයට පත් සැමියා තම බිරියට පහරදී තල්ලු කර දැමිමේදී නිවසේ ඇඳ මත නිදා සිටි පස් මස් වියැති සිඟිති දියණියගේ ඇඟ මතට ඇය ඇද වැටීමෙන් එම සිඟිත්තිය එතැනම මිය යෑමේ ‍ශෝචනීය පුවතක් නුවරඑළියේ, ලිඳුල පොලිසියෙන් වාර්තාවේ. ඊයේ (22) පස්වරුවේ සිදුව ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලිඳුල,බෙයාවෙල් වත්තට අයත් ෆෙයාර්ෆීල්ඩ් කොටසේ අමුර්තලිංගම් කැතරිනා නැමැති සිඟිත්තියෙකි. මෙම සිද්ධියෙන් මියගොස් ඇති සිඟිත්තියගේ පියා ලිඳුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අඹුසැමි යුවළගේ ආරවුලක් නිසා ඉතා අවාසනාවන්ත ලෙස මියගිය සිඟිත්තියගේ මළ සිරුර අදාළ නිවසේ සිට ලිඳුල ‍ රෝහලට රැගෙනවිත් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා අද (23) දහවල් නුවරඑළිය මහා රෝහල වෙත යැවීමට ලිඳුල පොලිසිය කටයුතු කර තිබිණ.

No comments:

Post a Comment