Friday, 24 May 2013

සුළි කුණාටුවෙන් විපතට පත් ඇමෙරිකානුවන්ට ඉරානයේ ශෝක

ඇමෙරිකාවේ ඔක්ලහෝමා නගරය හරහා ඉකුත් 20 වැනිදා සවස හමා ගිය ප‍්‍රචණ්ඩ සුළි සුළඟින් විපතට පත්වූවන් ඉරානය තම ශෝකය පළ කර සිටී. ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අබ්බාස් අරාක්චී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ටෝනේඩෝවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉරාන රජය තම කනගාටුව ප‍්‍රකාශ කරන බවය. ඉකුත් 20 වැනිදා ඇමෙරිකාවේ ඔක්ලහෝමා ජනපදයේ ඔක්ලහෝමා නුවර හරහා හමා ගිය එම සුළි සුළඟට 91 දෙනෙක් බිලිවූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ. මියගිය අයගෙන් 24 දෙනෙක් කුඩා දරුවෝය.

No comments:

Post a Comment