.jpg)
Friday, 24 May 2013
කැරැලිකරුවන් පරදවන දිනය වැඩි ඈතක නොවේ..
රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන කැරැුලිකරුවන්ට එරෙහිව රජයේ හමුදා ගෙන යන සටන් ඉක්මණින්ම අවසන් වනු ඇති බවත්, කැරැුලිකරුවන් පරාජය කිරීමට හමුදාවට හැකි වනු ඇති බවත් සිරියා අගමැති වෙල් අල් හල්කී පවසයි.
සිරියා අගමැතිවරයා ඊයේ (22) මේ බව කියා සිටියේ, එරට සානා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. අගමැතිවරයා එසේ කීවේ සිරියා ලෙබනන් දේශසීමාව අසල පිහිටි කැරැලිකරුවන්ගේ බලකොටුව ලෙස සැළකෙන කුසයාර් නගරය අත්පත් කරගැනීමට රජයේ හමුදා සමත් වීමත් සමඟය.
කුසයාර් නගරය අත්පත් කර ගැනීමට සිරියානු රජයේ හමුදාවත්, කැරැලිකරුවනුත් අතර දින දෙකක් පුරා සටන් පැවැතුණි. සිරියානු රජයේ පුවත් සේවා පැවැසුවේ රජයේ හමුදා සෙබළුන් 700 කට වැඩි පිරිසක් එම මෙහෙයුමට එක් ව සිටි බවය...
ඔවුහු කැරැලිකරුවන්ට පහර දීමට ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ කෙටි දුර මිසයිල ද භාවිතා කළහ. හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් කැරැුලිකරුවෝ දෙසීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
කුසයාර් නගරය අත්පත් කර ගැනීමට දියත් කළ මෙහෙයුමේදී ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ සටන්කාමීන් ද සිරියානු රජයේ හමුදාව සමඟ එක් වී සිටි බව වාර්තා විය. හිස්බුල්ලා සංවිධානයට අයත් වන්නෝ ෂියා මුස්ලිම්වරුය. ලෙබනනය කේන්ද්‍රකොට ගත් එම සංවිධානය ඊශ‍්‍රායලයේ පරම සතුරා වන ඉරානයේ සමීප මිතුරෙකි...
.jpg)
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment