Friday, 24 May 2013

තලේබාන් සමඟ සාම කතා පවත්වන්න නවාස් ෂරීෆ් සූදානම්

ප‍්‍රචණ්ඩත්වය අත හැර සාම මාවතකට පිවිසෙන්නැයි තමන් කළ ආරාධනාව තලේබාන් සටන්කාමීන් පිළිගෙන ඇති බවත්, රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඔවුන් සූදානමින් සිටින බවත් පාකිස්තානයේ නව අගමැති ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටින නවාස් ෂරීෆ් පවසයි. පාකිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ ‘තරීක් ඊ තලේබාන්’ නැමැති තලේබාන් සටන්කාමී සංවිධානයයි. පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායකයා ද වන නවාස් ෂරීෆ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ගැටලූවලට විසඳුම ගිනි අවි හෝ ප‍්‍රචණ්ඩත්වය හෝ නොවේ යැයි කියාය. ඔහු මේ බව කියා සිටියේ ලාහොර් නුවරදීය. -තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම පහසු නැහැ. නමුත් එය කරන්න බැහැ කියා අත්හැර දැමිය යුතු විකල්පයක් නොවේ. සාම සාකච්ඡුා පැවැත්වීමට අප උත්සහ ගන්න ඕනෑ” යැයි නවාස් ෂරීෆ් කියා සිටී. මහ මැතිවරණයට පෙර සිටම ෂරීෆ් තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී පවා ඔහු රජයෙන් ඉල්ලා සිටියේ තාල්බාන් සංවිධානය සමඟ සාම කතා පවත්වන ලෙසටය. ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයේදී පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිගේ ජනතා පක්ෂයට සහ ඊට සහාය දක්වන සන්ධාන පක්ෂවලට තලේබාන් සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වූවා පමණක් නොව, ඔවුහු එම පක්ෂ රැලි සහ පක්ෂ සාමාජිකයන් ඉල්කක කර ගනිමින් ප‍්‍රහාර ද එල්ල කළහ. ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට තර්ජන එල්ල නොවිණි. ‘තරීක් ඊ තලේබාන්’ සටන්කාමීන් ද පවසා ෂරීෆ් අවංකවම සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනී යන නිසා තමන් ඔහුගේ ආරාධනාව පළිගත් බවය.. පාකිස්තාන රජය, තලේබාන් සංවිධානය සතුරකු කර ගත්තේ හමුදා කුමන්ත‍්‍රණයකින් 1999 දී අගමැති ධුරයේ සිටි ෂරීෆ් බලයෙන් නෙරපා බලය අල්ලාගත් ජනපති සහ හමුදාපති පර්වේස් මුෂාරෆ්ගේ රජයයි. 2001 වසරේ දී ඇමෙරිකාව පාකිස්තානයේ අසල්වැසියා වන ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැුඹූ අවස්ථාවේදී, පාකිස්තානයේ මුෂාරෆ් රජය ඇමෙරිකාවට සහාය දුන්නේය. තරීක් ඊ තලේබාන් සටන්කාමීන් පාකිස්තාන රජයට එරෙහි වූයේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීම ඇරැුඹුණේත් එම අවස්ථාවේදීය. එදා සිට අද තෙක්ම එම සටන්කාමීන් පරාජය කිරීමට පාකිස්තාන රජයට හැකිවී නැත.

No comments:

Post a Comment