
සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ආරක්ෂිතව අධිකරණයට රැුගෙන ආවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහාය.
නඩුව අධිකරණයේ කැඳවන තුරු සැකකරු වෙනම ස්ථානයක වෙනම රඳවා තැබුවේ මුළු ශරීරයම ආවරණය වන ලෙසය. දුර්වර්ණ වූ රෙද්දකින් මුළු ශරීරයම වසා තිබිණි.
අධිකරණ සම්ප‍්‍රදාය අනුව සැකකරු සමග සාමාන්‍ය පුද්ගලයන් අට දෙනකුද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරේ.
ඒ සඳහා අවශ්‍ය අට දෙනකුද සොයාගෙන පෙරෙට්ටුව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කළ පොලිසිය විසින් සැකකරු අධිකරණයට රැගෙන ඒම සඳහා ඔහු රඳවා සිටි ස්ථානයට ගියේය. සැකකරුට කලාන්තය හැදී තිබිණි
පොලිසිය කලබලයට පත්විය.
ඔහුට සිහිය ආ පසු පොලිසිය ඔහුගෙන් ක්ලාන්තය ඇතිවීමට හේතුව විමැසීය.
ලෙඩක් ඇද්දැයි පොලිසිය ඔහුගෙන් ඇසීය.
තමා ආවරණය කර තිබූ රෙද්දේ ගඳ ඉවසාගත නොහැකිව ක්ලාන්තගතියක් සැදුණු බව සැකකරු පවසා ඇත.
කොළඹ දිස්ත‍්‍රික්කයේ අධිකරණයකින් මෙම සිද්ධිය වාර්තා විය.
No comments:
Post a Comment