
ශිෂ්‍යත්ව උපකාරක පන්තියක අසනීපවූ සිසුවකු වෙනුවට ඔහුගේ මව පන්තියට සහභාගීවීමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ප‍්‍රදේශයකින් වාර්තාවේ.
එදින මෙම පන්තියට ඇතුළු වීමේ ප‍්‍රවේශ පත‍්‍ර පරීක්‍ෂා කරමින් සිසුන් පන්තියට ඇතුළු කරගැනීමට කටයුතු කළේ එම පන්තියේ උගන්වන ගුරුවරයාම විසිනි.
එහිදී පෝලිමේ ආ මැදිවියේ කාන්තාවක්ද දරුවකුගේ එම ප‍්‍රවේශපතක් ගුරුවරයා අත තැබීය. එය බැලූ ගුරුවරයා කෝ දරුවා යැයි ඇසීය.
දරුවාගේ අම්මා මම සර්, අද දරුවාට උණ. එයාට එන්න බැරිවුණා. ඒ වෙනුවට මම අද පන්තියේ ඉන්නවා. මම අද පන්තියේ කරන දේවල් ලියාගෙන ගෙදර ගිහින් දරුවාට කියා දෙනවා. කමක් නැහැ නේද සර්! යැයි එවිට ඇය පැවසුවාය. ගුරුවරයාට හිනාවක්ද ගියේය.
හිස සලමින් ගුරුවරයා දුන් උපදෙස් අනුව පන්තියේ පසුපස අසුනක වාඩිවූ ඇය සෙසු ළමයින් මෙන් එදින ගුරුවරයා ලබාදුන් අභ්‍යාස හා ප‍්‍රශ්න පත‍්‍රවල පිළිතුරු ලකුණුකර ගනිමින් සිට පන්තිය නිමාවූ විට සෙසු සිසුන් සමග ගුරුවරයාටද ආයුබෝවන් කියා පන්තියෙන් පිටව ගියාය.
No comments:
Post a Comment