Sunday, 16 June 2013
'මගේ සියලු මිතුරන්ට සුබ පැතුම්... මම මැරෙන්නයි යන්නේ'' හිට්ලර්ගේ බිරිඳ ලියූ අන්තිම ලියුම
දෙවන ලෝක සංග්‍රාමය නිමවී දශක කීපයක් ගියත් ඒ හා සම්බන්ධ කතන්දරවලින් නම් තවමත් අඩුවක් නැහැ. විශේෂයෙන්ම හිට්ලර් හා ඔහුගේ සමීපතයන් අදාළ කරගත් කතා මේ අයුරින් උලුප්පමින් බටහිර මාධ්‍ය වෙබ් අඩවි වල පල කරනවා. මේ වාර්තාවට පාදක වන්නේ හිට්ලර්ගේ බිරිඳ වූ ''ඊවා බ්‍රොන්'' (Eva Broun) ඇය අවසන් වරට ලියූ ලිපියක් පිළිබඳවයි.
රුසියානු රතු හමුදා බර්ලීනයට කෙමෙන් කෙමෙන් ප්‍රහාර එල්ල කරමින් ළංවීමට පටන්ගත්තේ 1945 අප්‍රේල් මාසයේදී. එවිට හිට්ලර්ගේ බිරිඳ වන්නට සිටි ඊවා දුර්වලව, බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත්වුණා. මේ ලිපිය ඇය ලියා තිබෙන්නේද මේ අවසාන කාලයේ බංකරයේ සිටයි. එක් ලිපියක දිනය ලෙසට සඳහන් වන්නේ අප්‍රේල් 19 වෙනිදායි.
ඇය මෙහිදී ද දක්වා ඇත්තේ. ආට්ලරි ගිගුම් දෙන හඬින්, බෝම්බ පිපිරුම් හඬ මැද්දේ හිට්ලර් සහ ඉතිරි පිරිස සමග සිටීම සතුටක් බවයි. සියල්ල නැවතත් හරි යයි යන විශ්වාසයෙන්ද ඔවුන් පසුවී තිබෙනවා. නමුත් දින 3 කට පසුව සෝවියට් හමුදා බර්ලීනයට ඇතුළු වුණා. ඇතුළු වී බර්ලීනය අළු දූවිලි බවට පත් කළා. මෙහිදී ආරක්ෂකයන් ලෙසට අවසන ඉතුරු වුණේ අතිශය වෙහෙසට පත්වූ පිරිසක්. එයින් වැඩි දෙනෙක් නාකි මිනිසුන් හා කොලු ගැටවුන් ඇයගේ ස්වරූපය මෙහිදී සපුරාම වෙනස් වෙනවා. ඇය සඳහන් කළේ ''අපි මෙහිදී සටන් කළේ අවසානයක් දකින තුරු, නමුත් මට කනගාටුයි මේ අවසානය පිළිබඳව, එය තර්ජනාත්මකයි, ආසන්නයි ඉතාම ආසන්නයි.'' එසේම ඇය ලියා තිබුණා තමන් මරණයට සූදානමින් සිටින බවට. කෙසේ වෙතත් ඉන් දින අටක් නික්ම වූ තැන 33 හැවිරිදි ඊවා බ්රෝන් මියයන්නේ එම බංකරය තුළමයි. ඇය මියගොස් ටික වේලාවකින් හිට්ලර්ද තම දිවි නසා ගත්තා.
මේ ලිපි ප්‍රසිද්ධියට පත් වුණේ පොතක් මගින්. එය නම් කර තිබුණේ ''නාසි කතුන්'' (The Woman of the Nazis) යනුවෙන් මෙහි කතෘ වන්නේ හිට්ලර් යුගය ගැන ප්රවීනයකු වන ''ඇනා මරියා සිග්මන්ඩ්'' (Anna Maria Sigmund) මේ කෘතිය භාෂා 30 කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වී තිබෙනවා. කතෘ පවසන්නේ මේ ලිපි සත්‍ය, නියම ලිපි බවටයි. ඊවා මේ ලිපි ලියා තිබෙන්නේ ඇයගේ යෙහෙළියකු වන හර්ටා ශ්නයිඩර් (Herta Schneider) වෙතයි. ඇනා ප්‍රකාශ කරන්නේ ''මට කිසිදු සැකයක් නැහැ, මේ ලිපි සත්‍යයයි. මේවා ටයිප් කර තිබෙන්නේ ඊවා විසින්මයි. ටයිප් කිරීමේදී සිදුවී ඇති දෝෂ ඊවා විසින්මයි අතින් නිවැරදි කර තිබුණේ'' යනුවෙන්.
හර්ටා මියගියේ මීට වර්ෂ 20 කට පමණ පෙරදී. ඇය විසින්ම තමයි ඇනාට මේවා පෙන්වා තිබෙන්නේ. හර්ටා කියා ඇත්තේ තමන් මේ ලිපි කෙනෙකුට විකුණා දැමීමට ප්‍රථමයෙන් එහි ඇති දේ ලියාගන්නා ලෙසටයි.
මෙහි දෙවන ලිපියක් ගැනද සඳහන් වෙනවා. එහි ඊවා ලියා තිබෙන්නේ මගේ සියලු මිතුරන්ට සුභ පැතුම්, මම මැරෙන්නටයි යන්නේ මා ජීවත් වූ විදිහ බැලුවාම එය මට අසීරු දෙයක් නොවේ. ඒ ගැන ඔබ දන්නවනේ'' යනුවෙන්.
කෙසේ වෙතත් මේ තොරතුරු ගෙනා ''ඩේලි මේල් ඔක් ලයින්'' (Daily mail ok Line) වාර්තාව ලිපි පිළිබඳව එයට වඩා වැඩි තොරතුරක් දක්වා නැහැ.
ඊවා සහ හිට්ලර් විවාහ වී දිවි ගෙව්වේ පැය 40 ක පමණ කාලයක්. ඊවා සයනයිඩ් කා දිවි නසාගත් අතර හිට්ලර් තම තුවක්කුවෙන් වෙඩි තබාගෙන ජීවිතය නැති කර ගත්තා. හිට්ලර් ඊවාට වඩා වර්ෂ 20 කින් පමණ වැඩිමහල්, ඇය ඔහුට මුණ ගැසෙන්නේ වයස අවුරුදු 17 දී.හිට්ලර් හෝ ඔහුගේ සමීපතමයන් සම්බන්ධ ඉතා කුඩා තොරතුරක් වුවත් කලින් සඳහන් කළ ආකාරයට මාධ්‍ය මගින් දැඩි ලෙස උස්සා පෙන්වනවා. විශේෂයෙන්ම හිට්ලර්ගේ සතුරු කඳවුරට අයත් ප්‍රධාන රාජ්‍යයන් මේ දෙස ඉහළින්ම අදටද සිදු කරනවා. මේ ලිපි දැන් ඇත්තේ කා සතුවද යන්න ගැනත් කොතැනකවත් සඳහනක් ද නැහැ.සමහර විටක මේවා කෙනෙකුගේ පෞද්ගලික එකතුවක තිබෙන්නට පුළුවන්. යුදෙව්වන්ට සිදුවූ භයානකම සංහාරය සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයේදී බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසාම අදටද ලෝකයේ සෑම තැනම ව්‍යාප්තව සිටින යුදෙව්වන් පුළුවන් හැම මෙහොතකම හිට්ලර් හෙලා දකින පුවත් වැඩි වැඩියෙන් පළ කිරීමට අනිවාර්යයෙන්ම උත්සාහ දරනවා. එවැන්නක ප්‍රතිඵලයක් ලෙසට තමයි මෙවැනි ඉතා කුඩා කතාවක් වුවත් ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවියක ප්‍රධාන පුවතක් ලෙසට පළ වන්නේ.
Labels:
විශේශාoග
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment