Monday, 17 June 2013

ගුරුවරිය දණ ගැස්සූ මරාගේ බලූ දේසපාලූවා පාසැල් යන කාලයේ තමන්ගේම පාසැලට අසූචි ගැසූ එකෙක්: ආනන්ද සරත් කුමාරගේ ජාතකය හෙලිවේ----

ගුරුවරියක් දණ ගැස්සූ මරාගේ බලූ දේශපාලූවා ආනන්ද සරත් කුමාර පළාත් සභා මන්ත්‍රීවරයා වයස 21 දී පවා අපොස සාපෙල අසමත් වූ පාසැල් යන කාලයේදී තමන්ගේම පාසැලට අසූචි ගැසූ නින්දිත පුද්ගලයෙක් බව ඔහුගේ පාසැල් ඉතිහාසය සොයා ගිය 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට' වාර්තා විය. පාසැලකට පැමිණ ගුරුවරියක් දණගැස්සවූ මොහු පාසැලකට ගිය අයෙක්ද?, ගියානම් ඔහුගේ පාසැල් කාලය කෙසේ වීද? යන්න දැන ගෙන ජනතාවට හෙලි කිරීමට ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට අවශ්‍ය විය.
සාමාන්‍ය දරුවෙක් වයස 16 දී අපොස සාපෙල විභාගයට පෙනී සිටින නමුත් අසමත් වෙවී කට්ටි පනිමින් පාසැල් ගිය ආනන්ද සරත් කුමාර අපොස සා.පෙල විභාගයට පෙනී සිට ඇත්තේ වයස 21 දීය. එසේ වී නමුත් ඔහුට අපොස සාපෙල සමත් වීමට නොහැකි වූ පට්ට බූරුවෙකි. එවන් බූරුවෙකුට මැදමූලන මරාගේ ආණ්ඩුව අධ්‍යාපන අධීක්ෂක මන්ත්‍රී ධූරයක් දී තිබීමෙන් මොහුගේ දේශපාලන උදව් කරුවා වන ඩලස් අලහප්පෙරුමගේ තරමද මරාගේ තරමද සිතා ගත හැකිය. රච්චිරාගම ගමෙන් නවගත්තේගම ගමට පැමිණි කාත් කවුරුත් නැති අන්ත දිළිඳු පවුලක සිටි ආනන්ද සරත් කුමාර තවමත් තම පියා කව්දැයි නොදනී..
ගමේ කිසිවෙකුත් නොදනී. ඔහු වරින් වර එක් එක් අයට තම පියා යැයි විවිධ මිනිසුන් ගැන කියා තිබේ. කුඩා කළ සිට අන්ත තක්කඩියෙක් වූ මොහු ගොස් ඇත්තේ නවගත්තේගම පාසැලට ය. වරක් මොහු සහ තක්කඩි පිරිස පාසැලේ කාර්යාලය කඩා ඊට අසූචි ගැසූහ. අවාසනාවට මොහු හසුනොවූ අතර අනෙක් තක්කඩියන් පාසැලෙන් නෙරපා හැරියේය. මොහුගේ පාසැල් ගමන නිමා වී ඇත්තේ එම පාසැලේම සිසුවියක් සුදු ඇඳුම පිටින්ම හොරෙන් පන්නාගෙන ගොස් කසාද බැඳීමෙනි. චන්ද්‍රා කුමාරි නම් එම සිසුවිය අද ඔහුගේ ඇඹේනිය වී සිටී. සිසු විනය සඳහා විනය බාර ගුරුවරියන් දණ ගැස්ස වීමේ වත්මන් ආකල්පය මේ ගොබ්බයා තුල වර්ධනය වී ඇත්තේ එලෙසය.
චන්ද්‍රිකාගේ කාලයේ ප්‍රාදේශීය සභා දේශපාලනයට පිවිසෙන විට මොහුට කියා වී පැලයක් හෝ මිරිස් ගහක් හෝ පුස් බයිසිකලයක් හෝ නොතිබූ නමුත් දැන් මොහු කෝටිපතියෙකි. මොහු සහ මොහුගේ මැරයන් විසින් පහර දීමෙන් අත පය කැඩුනු පුද්ගලයන් රාශියක් නවගත්තේගමදී අප අභ්‍යන්තර තොරතුරු සේවයට හමුවිය. සමහරුන් ගේ පැමිණිලි පොලිසියේ තිඛෙන නමුත් සමහරුන්ගේ පැමිණිලි පොලිසිය ලියාගෙන හෝ නැත. 2002 පරාජයත් සමග ගමට යෑමට නොහැකි වූ මොහු වසර දෙකක්ම ගමෙන් පැන ගොස් සැඟවී සිටියේ ගමේ මිනිසුන්ගේ අත පය කැඩූ ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන බව දන්නා නිසාය. පසුව ඩලස් අලහප්පෙරුමගේ ආශිර්වාදය මත යළිත් දේශපාලනයට පැමිණියද පසුගිය වාරයේ යාන්තම් පළාත් සභාවට පැමිණියේ බෝනස් මන්ත්‍රී ධූරයෙනි. කන්න දුන් අත හපා කන ජාතියේ තිරිසනෙක් වූ මොහු පළාතේ තම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන්ට පවා එපා වූ අයෙකි.
නැසීගිය ද.මු. දසනායකගේ ද වත්මන් ප්‍රියංකර ජයරත්නගේ ද වෛරයට ලක්ව සිටින්නෙකි. ප්‍රදේශයේ පොලිසියේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මොහුට වෛර නොකරන නිලධාරියෙක් සොයා ගැනීමට අප අභ්‍යන්තර තොරතුරු සේවයට නොහැකි විය. නමුත් ඩලස් අලහප්පෙරුමට මොහුගෙන් ලැඛෙන සත්කාර නිසා ජාම බේරාගෙන සිටින බව ප්‍රදේශයේ ශ්‍රීලනිප පාක්ෂිකයෝම පවසති. රගර් තරඟයකදී විනිසුරුවරයාට පහර දෙන පුතුන් සිටින මැදමූලන මරාට, දුවට අවවාද කළ ගුරුවරිය දණ ගස්සන පළාත් සභා මන්ත්‍රීවරුන් සිටීම ගැන පුදුම නොවිය යුතු ය. නමුත් ඡන්දය දී මෙවැනි තක්කඩියන් දිනවන තකතීරුවන් සිටින රටක් ගැන කණගාටු විය යුතුය. අපේ රට අපම යලි හදා ගත යුතුය.

No comments:

Post a Comment