Sunday, 16 June 2013

කෝටි 300ක ණය බේරන්න ගස් හැටදහසක් කපයි

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් රාජ්‍ය වැවිලි සමාගම් තුන සේවකයන්ට ගෙවීමට ඇති හිග දීමනා සහ රාජ්‍ය බැංකුවලට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 300ක් පමණ වන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. එම ණය මුදල් පියවීම සදහා වැවිලි සමාගම් තුන සතුව ඇති වතුවල පිහිටි ගස් කපා රාජ්‍ය දැව සංස්ථාවට අලෙවි කිරීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ සදහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමති දයාශ‍්‍රිත තිසේරා, පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත, කම්කරු ඇමති ගාමිණී ලොකුගේ යන මහත්වරුන් එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය වැවිලි සමාගම් තුන වන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතුවල පිහිටි මනාව වැඩුණු හා වාණිජමය වශයෙන් අලෙවි කළ හැකි දැව කපා දැව සංස්ථාවට අලෙවි කිරීමට එමගින් අනුමැතිය ඉල්ලා තිබේ එමගින් රුපියල් කෝටි 300ක පමණ ආදායමක් අපේක්ෂා කෙරේ. දැව සංස්ථාවට අලෙවි කෙරෙන දැව විදුලි කණු ලෙස ලංකා විදුලිබල මණ්ඩලයටත් සිල්පර කොටන් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවටත් අලෙවි කිරීමට බලාපොරොත්තු වේ. දැව කපා අලෙවි කිරීමෙන් ලැබෙන කෝටි 300 ක ආදායම වැවිලි සමාගම් තුන ගෙවීමට ඇති ණය හා සේවකයන්ගේ හිග දීමනා ගෙවීමට අමාත්‍යංශය තීරණය කර ඇත. රාජ්‍ය වැවිලි සමාගම් තුන සේවක අර්ථ සාධක අරමුදල් සේවක භාරකාර අරමුදල් පාරිපෝෂිත දීමනා බැංකු ණය උකස් හා අයිරාවන්ද වශයෙන් ගෙවීමට ඇති හිග මුදල රුපියල් කෝටි 300 පමණ වේ.

No comments:

Post a Comment