Sunday, 16 June 2013

මරණ දඬුවම ලැබූ රැඳවියන්ට වැසිකිළියට යාමේ අයිතියත් අහිමි කරලා

වැලිකඩ බන්ධනාගරාය වෙතට මැගසින් බන්ධනාගාරයේ සිට හදිසියේ රැගෙන ආ මරණ දඬුවම හිමිව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 50 දෙනා ඇතුළු මරණ දඬුවම නියම වී අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 100කට ආසන්න පිරිසකට ඔවුන් රඳවා සිටින H වාට්ටුව තුළ ශරීර කෘත්‍යයන් පවා නිසි ලෙස ඉටුකර ගැනීමට ඇති ඉඩකඩ පවා අහුරා ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. ඔවුන් රඳවා සිටින H වාට්ටුවට ඇතුළුවීමට ඇති ප‍්‍රධාන දොරටුවට එපිටින් පිහිටි වැසිකිළි තුන සහ වතුර ටැංකිය භාවිත කිරීමට නොහැකිවන අයුරින් එම ප‍්‍රධාන දොරටුව වසා දැමීම හේතුවෙන් රැඳවියන් මහත් අපහසුතාවට ලක්ව ඇතැයි පැවසේ.
එම දොරටුව වසා දැමීම තුළ සියයකට ආසන්න රැඳවියන් පිරිසකට භාවිත කිරීමට ඇත්තේ එක් වැසිකිළියක් බැවින් මේ තත්ත්වය උදා වී ඇති බව පැවැසෙන අතර, ඒ හේතුවෙන් හිරු එළියට නිරාවරණය වීමට රැඳවියන්ට ලැබී තිබුණු අවස්ථාවද අහිමි වී ඇතැයි කියති. අදාළ බලධාරීන් විසින් මෙසේ එම අවස්ථාවන් අහුරනු ලැබ ඇත්තේ ඉකුත් 10දා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී තදබදය වැඩි යැයි කියමින් ආහාර වර්ජනය කරමින් කලහකාරි ලෙස හැසිරීම මත ඉකුත් 9දා නැවතත් වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන්වා ගත් රැඳවියන් 50 දෙනාට දඬුවමක් ලබා දීමේ අරමුණින් යැයි ද එම ආරංචි මාර්ග හෙළි කළේය.

No comments:

Post a Comment