Sunday, 16 June 2013
ලංගමයට අයත් ඉඩම් විකුණා දැමීමේ සැලසුමක්
ලංගමයට ලබාදෙන ප්රතිපාදන ඉහළ දමා, අලූත් බස් රථ මිලදීගෙන, සේවකයන් බඳවා ගෙන, ලංගමය ශක්තිමත් කළයුතු වුවත්, මේ වනවිට ලංගම ඩිපෝවලට අයත් ඉඩම් විකුණා දැමීමට සැලසුම් සකස් කරමින් තිබෙන බව සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමයේ ප්රධාන ලේකම් සේපාල ලියන්ගේ මහතා සඳහන් කළේය.
ප්රතිපාදන නිසි ලෙස වෙන් නොකිරීම නිසා රාජ්ය ප්රවාහන සේවාව වන ලංගමය දිනෙන් දිනම කඩා වැටෙමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා මෙයට විසඳුම් ලබා දී මගී ජනතාවට යහපත් ප්රවාහන සේවාවක් ලබාදීමට ලංගමය ප්රමාණවත් මුදල් වෙන්කළ යුතු බවද හෙතෙම පැවසීය. එමෙන්ම බස් රථ අඩුපාඩුකම් විදඳා සේවක වැටුප් හා දීමනා ලබා දී ලංගමය ගොඩනැගිය යුතුව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහෙත් එම කටයුත්ත අමතක කර සංගමය ඩිපෝවලට අයත් ඉඩම් විකුණා දැමීමේ සැලැස්මක් සකස් කර තිබෙන බවත්, මෙම සැලැස්මට අනුව කොළඹ ලංගම ඩිපෝවට අයත් අක්කර 07 ක භූමි භාගයෙන් අක්කර 04 ක් විකුණා දැමීමට මේ වනවිට සැලසුම් සකස්කර තිබෙන බවද ප්රධාන ලේකම්වරයා සඳහන් කළේය.
Labels:
Gossip
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment