Friday, 21 June 2013

ගල් පැලෙන මුසාවාද ඇදබාන්න එපා – ඤාණසාර හිමිට මහමිතව හිමිගෙන් පිළිතුරු

තම කාමරයට බලෙන් ඇතුලුවී පැහැරගත් භාන්ඩ තොගය අපසු ලබා දෙන ලෙසත් ජාතික මෙහෙවරෙහි නිරත ස්වාමින්වහන්සේලාට හිරිහැර නොකරන ලෙසත් බොදු බල සේනා සංවිධානයේ හිටපු විමර්ශන ප්‍රධානි පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ලිපියක් යවමින් ඉල්ලා සිටිති. මාධ්‍ය වෙතද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය මෙසේය.
2013.06.17 දෙරණ 360 වැඩසටහන සම්බන්ධයෙනි එදින වැඩසටහන සදහා සහභාගී වූ ඔබවහන්සේ මා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාගේ කණගාටුව හා පිලිකුළ පලමුව ප්‍රකාශකරමි. එහිදි ඔබවහන්සේ ඔබ සන්විදානයේ මහමිතව හිමි නමින් නිළධරියකු නොසිටි බවත් එවන් අයකු නොදන්නා බවත් සදහන් කොට තිබුණි. 2012.11,19 වන දින ඔබවහන්සේ හා මා සහභාගි වු හලාල් සම්බන්ද මාධ්‍ය හමුවේදි ඔබවහන්සේගේ මුවින්ම මා ඔබවහන්සේලාගේ සන්විදානයේ කවුරුන්ද යන්න හදුන්වා තිබේ.(Link)
එසේම එහිදී මා ඔබ සන්විදානයට බැදීමට අවශ්‍ය බව සදහන් කරමින් එහි පැමිණි බවත් සදහන් කෙරිණි. එයද අමූලික බොරුවකි. මා ඔබ සන්විදානයේඉල්ලිම පරිදි සහභාගි උනා මිස මාගේ කැමැත්තෙන්ම සහභාගි නොවිණි. එමෙන්ම ඔබ සන්විදානයේ නම භාවිත කරමින් මුදල් ලබාගත්තාය යන ප්‍රකාශයද පට්ටපල් බොරුවකි,මා කිසිදු පුද්ගලයෙකුගෙන් සන්විදානයේ නම භාවිත කරගෙන මුදල් උපයා නැත. මේ ගැටලුව නිර්මාණය කරන ලද්දේ ඔබවහන්සේලා විසින්මය. ඒකට හේතුව දන්නේ ඔබවහන්සේලාමය. එවකට සමස්ත ලන්කා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ තොරතුරු ඒකකයේ රැකියාව ඉවත දමා ඔබවහන්සේලාට සේවය කලෙමි. ඊට පෙර මා ජාතිය වෙනුවෙන් සිදුකල සේවාව ඔබවහන්සේද හොදින් දනී... තවද මෙම ගැටලුවෙහි සත්ය අසත්යතාව දන්නේ ඔබවහන්සේ හා මා පමණි. අවසාන වසයෙන් යමක් සදහන් කිරීම සුදුසුයැයි සිතමි. එනම් 2013.01 .08 දින මාගේ කාමරයට බලෙන් ඇතුලුවී පැහැරගත් භාන්ඩ තොගය මාවෙත ලබාදෙනලෙස කාරුණිකව ඉල්ලමි. අවසන් වසයෙන් මා ඉල්ලාසිටින්නේ ජාතික මෙහෙවරෙහි නිරත ස්වාමින්වහන්සේට හිරිහැර නොකොට ඔබ සන්විදානයේ කටයුතුකරගෙන යන ලෙසය. අප අතර මෙවන් ගැටලුවකට හේතුවූ හලාල් ගැටලුව සම්බන්දයෙන් ලිස්සායනසුලු ප්‍රතිචාරයක් ලබාදීම පසෙකලා ඔබ සන්විදානය පොරොන්දු වූ පරිදි පිලිතුරක් බෞද්ධයා වෙත ලබාදෙනු ඇතැයි විස්වාස කරමි. අවසන් වසයෙන් සොක්‍රටීස් නම් දාර්ශනිකයා විසින් ඔහුගේ අවසන් මොහොතෙහි සදහන්කල ප්‍රකාශයක් ඔබවහන්සේ ඇතුලු සන්විදානයේ අවධානය පිණිස සටහන් තබමි. ”ම්ට මැරෙන්නටත් නුබලාට ජීවත්වන්නටත් කාලය එළඹ ඇත,එහෙත් අප දෙගොල්ලන්ගෙන් වඩ හොද ලැබෙන්නේ කාටද යන්න දන්නේ දෙවියන් පමණි” මෙයට මහමිතව පඤ්ඤාරතන හිමි හිටපු විමර්ශන ප්‍රධානි බොදුබල සේනා ජාලය මෙහි පහතින් දැක්වෙන්නේ පසුගිය දෙරණ 360 වැඩසටහනේ සාකච්චාවට ගත්, මහමිතව හිමියන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියයි.

No comments:

Post a Comment