Friday, 21 June 2013
පළාත් මන්ත්‍රි නෙරපූ කතාව බොරු මට එරෙහි සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගුරුතුමිය කුමන්ත්රණයේම පංගුකාරියක්
බන්ධනාගාර අධිකාරිතුමා මඟින්
වයඹ පළාත් ආණ්ඩුකාරතුමා වෙත
2013-06-18 මීගමුව බන්ධනාගාරය.
ගුරුවරියක දණ ගැස්වූ චෝදනාව සම්බන්ධයෙනි,
කරුණ වශයෙන් ඉහත කී සිද්ධිය කිසිදු සත්‍යයක් පදනමක් නොමැත.
මා මේ පාසලේ ආදි ශිෂ්‍යයෙකි. මෙම පාසලට පණ මෙන් ආදරය කරන අයෙකි. මෙම පාසලේ සංවර්ධනයට හා විනය ආරක්ෂා කිරීමට මා ඉමහත් කැපකිරීමක් කළ බව සියල්ලන් දන්නා කරුණකි.
මෙම පාසල පමණක් නොව සමස්ත පුත්තලම් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන සඳහා මූල්‍ය සම්පත් ලබා ගැනීම, භෞතික සම්පත් ලබා ගැනීම, මානව සම්පත් ලබා ගැනීම වෙනුවෙන් නායකත්වය දී කටයුතු කළ අයෙකි.
ඒසේ වුවද මෙම සිද්ධිය ගැන ජනමාධ්‍යවල පළ වූ වාර්තා කරණකොට ගෙන උද්ගත වූ තත්ත්වය ගැන මම බලවත් සේ කනගාටු වෙමි. මෙම සිද්ධිය වෙනුවෙන් හුවා දැක්වූවේ මෙම විදුහලේ ඉගෙනුම ලබන 7 වසරේ මාගේ කුඩා දියණියගේ ඇඳුමේ වාටිය ගැලවූ සිද්ධියකි.
ගරු ආණ්ඩුකාරතුමනි,
මීට ඉහත දී එම දියණියගේම පාසලේ දී දිව කපා දැමීම නිසා විශාල ශල්‍යකර්මයකට භාජනය වූ බව මෙම මුළු විදුහලම දනී. එවැනි බරපතළ තත්ත්වයක වුවද මා පාසලට ගොස් විමසීමක් හෝ කළේ නැත. තවද මාගේ දරුවන් කොළඹ, කුරුණෑගල හෝ නුවර ප්‍රසිද්ධ පාසලකට යැවීමට අවස්ථාව තිබියදීත් ගමේ පාසලට යැව්වේ ඒ තුළින් අන් අයටද ගමේ පාසලේ වටිනාකම පිළිබඳ මඟ පෙන්වීමටයි. එනමුත් මෙම සිදුවීමේදී මා හට විරුද්ධ අය කුමන්ත්‍රණයක් නිර්මාණශීලී ලෙස සැලසුම් කර ඇති බව මට හැඟේ. මෙම සිද්ධියට යොදාගෙන ඇති ගුරුතුමිය එකී කුමන්ත්රණයේ පංගුකාරියක් වී ඇත. ඇය පිළිබඳ මා හට ඇත්තේ කනගාටුවකි. තවද ඒ සම්බන්ධයෙන් ඇයට හා ඇගේ පවුලේ උදවියට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. සිදුවූවා යැයි කියන මෙම සිද්ධියේ සත්‍ය තත්ත්වය ඉදිරියේදී එළි වනු ඇත. ඉහත කී කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස සිරගත වී සිටින මේ මොහොතේ දී මට කීමට ඇත්තේ පාසලේ ගෞරවය ආරක්ෂා කරගනිමින් අහිංසක දරුවන් වෙනුවෙන් එදිනෙදා අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන ලෙසයි.
අතිගරු ජනාධිපතිතුමාගේත් ශ්‍රී ලනිපයේත් රජයේත් සමස්ත ආණමඩුව ඇතුළු පුත්තලම් දිස්ත්‍රික් ජනතාවගේ ගෞරවය මා රැකිය යුතු නිසාත් සාධාරණ ලෙස සියලුම පරීක්ෂණ කටයුතුවලට අවකාශ සැලසීම සඳහාත් මාගේ පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමි.
මා හට ඉදිරිපත් වී ඇති චෝදනාවට ගරු අධිකරණයේ අවසරය මත එදිනට කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙමි.
ගරු ආණ්ඩුකාරතුමනි,
අද දින සිට වයඹ පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වන බව මෙසේ ප්‍රකාශ කර සිටිමි.
පිටපත්
ශ්‍රී ලනිප නායක අතිගරු ජනාධිපතිතුමා
ශ්‍රී ලනිප ලේකම්තුමා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්තුමා
ප්‍රධාන අමාත්‍යතුමා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment