Wednesday, 12 June 2013

♦♦ මාළු පැටිස් ♦♦

♦ මාළු ග්‍රෑම් 250 යි ♦ රතු ළූණු ගෙඩි 10 යි ♦ අමු මිරිස් කරල් 4 යි ♦ අල 250 යි ♦ මිරිස් කුඩු ♦ කරදමුංගු, කරාඹුනැටි ♦ කුරුඳුපොතු කැබැල්ලක් ♦ රම්පෙ, කරපිංචා ♦ දෙහි හා ලුණු ♦ පේස්ට්‍රිය සඳහා ♦ ------------------- ♦ පාන් පිටි ග්‍රෑම් 500 යි ♦ පොල් කිරි කෝප්ප 1/2 යි ♦ බටර් ග්‍රෑම් 50 යි ♦ බිත්තර 3 යි ♦ ලුණු සාදන ක්‍රමය:- මුලින්ම පැටිස් වල පිට වැස්ම සාදා ගැනීම කල යුතුය. පිටි පෙනේරයකින් හලා ගන්න. එයට බිත්තර කහමද දමා ලුණු, බටර්, කිරි දමා හොඳින් අනන්න. හොඳින් මිශ්‍රණය මෘදු වූ පසු තුනීකර කැමති හැඩයකට කපාගන්න. මැද මිශ්‍රණය සඳහා අමු මිරිස් සිහින්ව කපාගන්න. කුරුඳුපොතු, කරඳමුංගු, කරාඹුනැටිද කුඩුකරගන්න. මාළු තම්බා කටු හැර පොඩි කරගන්න, අල ද තම්බා පොඩි කරගන්න. බඳුනකට තෙල් ටිකක් දමා ලිප තබන්න. රත්වන විට රම්පෙ, කරපිංචා හා ලුණු දමන්න. බැදුණු පසු මාළු හා අල ද දමන්න. සුවඳ ද්‍රව්‍ය ද දමන්න. දෙහි යුෂද දමන්න. කලින් කපාගත් පැටිස් පිට වැස්ම මැදට මෙම මිශ්‍රණයෙන් ටිකක් දමා නවා ගෑරුප්පුවකින් සකස්කර ගැඹුරු තෙලේ බැදගන්න. (මේ ආකාරයට එළවලු මිශ්‍ර පැටිස්, මස් මිශ්‍ර පැටිස් උවද සාදා ගත හැක.)

No comments:

Post a Comment