Wednesday, 12 June 2013

♦♦ මාෂ්මෙලෝ පුඩිං ♦♦

අවශ්‍ය ද්‍රව්‍ය:- ♦ බිත්තර 4ක සුදුමද පමණක් ♦ ජෙලටින් තේ හැඳි 2 යි ♦ සීනි කෝප්ප 1/2 යි ♦ වතුර පීරිසි කෝප්ප 1/2 යි ♦ කළරින් ස්වල්පයක් සාදන ක්‍රමය:- උණූවතුර කෝප්ප 1/2 ක් ගෙන එයට ජෙලටින් දියකරගන්න. බිත්තර සුදුමද පමණක් ගෙන හොඳින් ගසන්න. එයට සීනි හා ජෙලටින් වරින් වර එක් කරමින් හොදින් ගසාගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය කොටස් 2 කට වෙන්කර එයට වෙන වෙනම කලරින් (වර්ණ) දෙකක් මිශ්‍රකර තට්ටු 2 ක් වශයෙන් තිබෙන සේ පුඩිම බඳුනකට දමා ශීතකරණයේ තබන්න. අවශ්‍යනම් පිටිකරන ලද අඹ, අන්නාසි හෝ කජු, ජෙලටින් ආදියෙන් මෙය සරසා ගත හැක.

No comments:

Post a Comment