Sunday, 16 June 2013
DIG වාස් යුධ සමයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගෙනුත් කප්පම් අරන්
රිමාන්ඞ් භාරයේ පසුවන කොළඹ උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කොළඹ ප්‍රසිද්ධ ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගෙන් කොටි ත්රස්තවාදීන් සමග සබදකම් පැවැත්වීමේ චෝදනාවන්ට අදාළව අත්අඩංගුවට නොගෙන සිටීමට බව කියමින් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බව අධිකරණය හමුවේ හෙළි වී ඇත.
වාස් ගුණවර්ධන මහතා හදුනන ව්‍යාපාරිකයන්ගෙන් වෙනත් ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ ජංගම දුරකතන අංක ඉල්ලා ලබාගෙන ඔවුන් බියකර කප්පම් ලබාගෙන ඇති බවද අධිකරණය හමුවේ වැඩිදුරටත් හෙළි වී තිබේ.
වාස් ගුණවර්ධන මහතා බූස්ස රැදවුම් කදවුරේ රදවා සිටි කොටි ත්රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති බවත් එලෙස විමර්ශනය සිදු කරන අතරතුර ඔහු තම මිතුරු ව්‍යපාරිකයන්ගෙන් වෙනත් ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ ජංගම දුරකථන අංක ඉල්ලා ගෙන ඇති බවත් හෙළිදරව් වී ඇත.
මෙලෙස ඉල්ලා ගත් ජංගම දුරකථනවලට ඇමතුම් දී එම ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ නම්වලින් කතා කර ඇති බවත් කොටි ත්රස්තවාදීන් සමග සබදකම් පවත්වන බවට ඔවුන්ට දැනුම් දී බියට පත්කර ඇති බවත් ඉන් පසු එම අපාරධ සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටීම සදහා යැයි කියමින් අවස්ථා ගණනවකදීම ඔවුන්ගෙන් කප්පම් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් අධිකරණය හමුවේ හෙළිදරව් වී තිබේ.
Labels:
Gossip
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment