Wednesday, 12 June 2013
●● මිශ්‍ර එළවළු සුප් |Mix Vegetable Soup ●●
අවශ්‍ය ද්‍රව්‍ය:-
● ගෝවා ග්‍රෑම් 100 යි
● බෝංචි ග්‍රෑම් 100 යි
● ලීක්ස් ග්‍රෑම් 100 යි
● කැරට් ග්‍රෑම් 100 යි
● බොම්බයි ළූණු ග්‍රෑම් 100 යි
(මේ සියල්ල ශුද්ධ කර කුඩාවට කපාගන්න)
● බාර්ලි මේස හැඳි 1 යි
● රතු ළූණු 100 යි
(සිහින්ව ලියාගන්න)
● රම්පෙ, කරපිංචා
● සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් (තලාගත් මේස හැඳි 1 යි)
● ලුණු සහ දෙහි
● වතුර ලීටර් 1 1/2 යි
● මාගරින් ස්වල්පයක්
(අවශ්‍ය නම් සුප් කැට 1යි)
සාදන ක්‍රමය:-
* රම්පෙ, කරපිංචා, රතුළූණු දෙහි මාගරින් හැර අන් සියලුම ද්‍රව්‍ය තරමක් ලොකු සාස්පානකට දමා වතුර එකතුකර හොඳින් නටවා තම්බාගන්න. එළවළු හොඳින් තැම්බෙන තෙක් පිසගන්න.
(සමහරු මෙය තම්බා පොඩි කර එළවලු කැබලි නොමැතිවද සුප් එකට යොදාගනී. එය ඔබගේ කැමැත්ත හා රස අනුව)
සාස්පානට මාගරින් දමා නටවා රම්පේ, කරපිංචා, සහ රතු ළූණු රන්වන් පාටට බැදගන්න. දැන් එම තෙම්පරාදුවටම සාදාගත් සුප් වතුර එක (කැබලිද සමග) එක්කර හොඳින් හැඳිගා උණුවෙන් මේසයට යවන්න.පිළිගැන්වීමට පෙර දෙහි ඇබුල් සුවල්පයක්ද එකතු කරන්න.
හෝ....
* මුලින්ම සාස්පානට මාගරින් දමා නටවා රම්පේ, කරපිංචා, සහ රතු ළූණු රන්වන් පාටට බැද තෙම්පරාදුව සාදා එයට කපා ගත් එළවළු එකතු කර ටිකක් එය මාගරින් සමග බැද ගෙන එයට වතුර, සෝදා ගත් බාර්ලි ඇතුලු සියල්ල හොදින් තම්බා ගෙන රස අනුව ලුණු, ගම්ම්රිස්ද එකතු කරන්න. මේසයට පිළිගන්වන්නට පෙර දෙහි ඇබුල් ස්වල්පයක්ද එකතු කරන්න.)
Labels:
Soup
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment