Wednesday, 12 June 2013
උම්බලකඩ සම්බෝල | UMBALAKADA SAMBOLA
අවශ්‍ය ද්‍රව්‍ය:-
උම්බලකඩ ග්‍රෑම් 200 යි
රතු ළූණු හෝ රටළූණු ග්‍රෑම් 50 යි
සුදු ළූණු බික් 3 ක්
රම්පෙ, කරපිංචා
පොල් (මිටක්)
කෑලි මිරිස් ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
තෙල් බෝතල් 1/2 යි
සාදන ක්‍රමය:-
උම්බලකඩ කැබැලි සිටින සේ කුඩු කරගන්න. රතු ළූණුද සිහින්ව ලියාගන්න. තෙල් ලිප තබා ලියාගත් ළූණු, උම්බලකඩ හා පොල් වෙනම බැදගන්න.
වෙනත් බඳුනක් ගෙන ලිප තබා රත්වන විට තෙල් ස්වල්පයක් දමා, ලියාගත් සුදු ළූණු, රම්පෙ, කරපිංචා දමා බැදගන්න. ටික වේලාවකින් කෑලි මිරිස්ද එක් කරන්න. අවසානයේ වෙන වෙනම බැදගෙන තිබූ පොල්, උම්බලකඩ හා ළූණු ද එක්කර කලවම් කරගන්න. ළිපෙන් ඉවත්කර දෙහි යුෂ හා ලුණු අවශ්‍ය පමණට දමා රසවත් කර ආහාරයට ගන්න...
Labels:
Short Eats
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment