Wednesday, 12 June 2013

◌◌ පොල් රොටී‍| POL ROTTI ◌◌

අවශ්‍ය ද්‍රව්‍ය:- ◌ පාන් පිටි ග්‍රෑම් 500 යි ◌ පොල් බෑයක පොල් (ගාගත්) ◌ සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 4 යි ◌ සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 6 යි ◌ කපා ගත් කරපින්චා කොළ ටිකක් ◌ ලුණූ ස්වල්පයක් සාදන ක්‍රමය:- සියළුම ද්‍රව්‍ය එකට මැටි කෝප්පයකට (භාජනයකට) දමා උතුරා නිවාගත් වතුර ස්වල්පයක්ද දමා හොදින් අනාගන්න අනාගත් මිශ්‍රණය (අතේ නොඇලෙන) එකම ගුලියක් ආකාරයට සාදා ගෙන ඉන් තරමක් කුඩා ප්‍රමානයේ බෝල සාදා ගන්න. පසුව එම ගුලියෙන් ගුලිය ගෙන රවුම් තැටියක බටර් තවරා ඒ මත තුනී කරගන්න. ඉන්පසු කබලක් ලිපතබා එය හොඳින් රත් වූ පසු තුනී කරගත් රොටියක් ඒ මත දමා දෙපැත්තම පුච්චාගන්න. මේ ආකාරයට ඉතිරි පොල් රොටී ටිකත් සාදාගන්න. ලුණු මිරිසක් හෝ මාළු හොද්දක් එක්ක උණු උණු රොටි ඉතා රසවත්ය.

No comments:

Post a Comment