Wednesday, 12 June 2013

■■ රෝල්ස් | ROLLS ■■

අවශ්‍ය ද්‍රව්‍ය:- ■ පිටි ග්‍රෑම් 250 යි ■ පොල් කිරි කෝප්ප 1 යි ■ ලුණු ස්වල්පයක් ■ තම්බා කටු ඉවත් කර ගත් මාළු 200යි ■ අල ග්‍රෑම් 200 යි ■ බිත්තර 3 යි ■ රතු ළූණු ග්‍රෑම් 100 යි ■ ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි ■ දෙහි ඉස්ම ස්වල්පයක් ■ කරපිංචා ■ අමු මිරිස් කරල් 7-8 ක් ■ දිය ලුණු ■ සුදු ළූණු ■ බිස්කට් කුඩු ■ තෙල් සාදන ක්‍රමය:- මුලින්ම අල තම්බා පොතු ඇර ගන්න. බී ළූණු, සුදු ළූණු, මිරිස් ඉතා සිහින් කුඩා කොටු කපාගන්න. කරපිංචා සිහින්ව ලියාගන්න. ඔබ යොදාගන්නේ මාළු නම් මාළු තම්බා කටු ඉවත් කර හොඳින් පොඩි කරගන්න. භාජනයක් ලිප තබා කපාගත් ළූණු, සුදුළූණු, අමු මිරිස් එයට දමා තෙම්පරාදු කරගන්න. එය රන් වන් පාට වූ විට. එයට කපාගත් කරපිංචාද එකතු කරන්න. කටු ඉවත් කරගත් මාළුද එයටම එකතු කරන්න. එයට ලුණු, ගම්මිරිස් ඇති පදමට එකතු කර හොඳින් කළවම් කරන්න.(සැරට අවශ්‍ය නම් කෑබලි මිරිස් එකතු කරන්න) එයට තම්බා පොඩි කරගත් අල එකතු කොට ලිපෙන් බා දෙහි බිංදු කිරිපයක් එකතු කොට සියල්ලම ඉතා හොඳින් කලවම් කරගන්න. (ලුණු බලා රස අනුව ලුණුද මිශ්‍රනයට එකතු කර ගන්න.) පාන් පිටි ග්‍රෑම් 250 කට පොල් කිරි එකතු කරගන්න (මිශ්‍රණය උකු ගතියෙන් තිබිය යුතුයි) එයට ලුණු ද එකතු කරගන්න. බිත්තරයක්ද කඩා එයට දමන්න. සියල්ලම හොඳින් කළවම් කරන්න. නොන්ස්ටික් පෑන් එකක් (නොඇලෙන) ලිප තබා එය හොඳින් රත් වූ එයට පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා තැටිය පුරා විහිදුවා ගන්න (පෑන් කේක් එකක් ලෙස) එය දෙපැත්ත හරවා නොඇලෙන පදමට පෑන් කේක් එක සාදා එය ඉවතට ගෙන කලින් සාදා ගත් මාළු අල මිශ්‍රණයෙන් මේස හැන්දක් පමණ එහි මැදින් තබා පෑන් කේක් එකේ දෙපැත්ත නමා එක අයිනක සිට රෝල් කරගෙන යන්න. මෙලෙසින් සියළුම රෝල්ස් ටික සාදාගන්න. දැන් බිත්තර 2 ක් කඩා භාජනයක දමා එයට ලුණු ස්වල්පයකුත් එකතු කර හොඳින් ගසාගන්න. බිස්කට් කුඩු (පාන් කුඩු) ද පසෙකින් සූදානම් කරගන්න. දැන් සාදාගත් රෝල්ස් හොඳින් බිත්තර සාරු ගා බිස්කට් කුඩු වලින් හොඳින් තවරාගන්න. මෙසේ සාදාගත් රෝල්ස් ගැඹුරු තෙලේ රන් වන් පාට වනතුරු බැදගන්න...

No comments:

Post a Comment