
Wednesday, 22 May 2013
චන්දිලාගේ ඥාති නිවෙසකින් රුපියල් ලක්‍ෂ 20ක් හමුවේ..
චන්දිලාගේ ඥාති නිවෙසකින් රුපියල් ලක්‍ෂ 20ක් හමුවේ..
දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වූ රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයන් තිදෙනාගෙන් කෙනකු වූ අජිත් චන්දිලාගේ ළඟම ඥාතියකුගේ නිවෙසක ක්‍රිකට් උපකරණ ගෙනයන බෑගයක අසුරා සඟවා තිබුණු ඉන්දීය රුපියල් ලක්‍ෂ 20ක මුදලක් සොයා ගැනීමට දිල්ලි පොලිසිය සමත්වී ඇත.
චන්දිලාට අයිති එම ක්‍රිකට් උපකරණ ගෙන යන බෑගය හර්යානා ප්‍රාන්තයේ පල්වාල් නගරයේ නිවෙසක සඟවා තිබුණු අතර දිල්ලි පොලිසිය අදාළ නිවෙස පරීක්‍ෂා කිරීමට ගොස් ඇත්තේ චුදිතයාද සමඟය.
මේ වන විට දිල්ලි පොලිසිය විසින් චන්දිලාගේ හා චූදිත බුකීකරුවන් වන මහන් හා ජිජු ධනාර්ධන් යන අයගේ හඬ පට සාම්පල්ද මධ්‍යම වොහාර විද්‍යා රසායනාගාරයෙන් ලබාගෙන ඇති අතර එම සාම්පල් හා පටිගත කරන ලද ඔවුන් අතර හුවමාරු වූ දුරකතන සාකච්ඡා එක සමාන බවද වාර්තා වේ.
ඔවුන්ට එරෙහිව දිල්ලි පොලිසිය විසින් සිදු කරනු ලබන පරීක්‍ෂණ සඳහා උපරිමයෙන් සහාය දැක්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද පියවර ගෙන ඇති අතර රාජස්ථාන් රෝයල්ස් පිල චන්දිගාර් හා මුම්බායිහිදී සහභාගි වූ තරග නරඹන ලද ප්‍රේක්‍ෂකයන් දෙදෙනකුද කට උත්තර ලබාදීමට ඉදිරිපත්ව සිටිති.
අජිත් චන්දිලා හැරුණු විට එස්. ශ්‍රී ශාන්ත් හා ඇන්කිට් චාවන් යන රාජස්තාන් රෝයල් ක්‍රීඩකයන් තිදෙනා මුදලට තරග පාවාදීමේ වරදට කොටුවී සිටිති.

Labels:
ක්‍රිඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment