Wednesday, 22 May 2013

චීනයෙන් ගෙනා මිලියන 40ක බඩු රේගුවෙන් අල්ලයි..

චීනයෙන් ගෙනා මිලියන 40ක බඩු රේගුවෙන් අල්ලයි.. චීනයෙන් සිට මෙරටට ආනයනය කරන ලද සපත්තු , සිගරැට් දල්වන, අත් මේස් ඇතුළු භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි බහාලුම් පර්යන්තයේදී අද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තේය. මෙහි වටිනාකම රුපියල් කෝටි හතරකට අසන්න බව රෙගු අධිකාරී පරාක්‍රම බාලසුරිය මහතා මවුබිමට පැවසිය. කොළඹ ප්‍රදේශයේ ලිපිනයකට ලියාපදිංචි කර ඇති ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි වී ඇති නිමි ඇඳුම් අපනයනය කරන සමාගමක් නමින් තීරු බදු පහසුකම් යටතේ නිෂ්කාශනය කිරීමේ අරමුණින් මෙම කන්ටේනරය ආනයනය කර ඇති බව පරීක්ෂණ වලින් හෙළිවී ඇත. රෙගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත රෙගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතාගේ ප්‍රදානත්වයෙන් රේගු ආදායම් අධික්ෂණ අංශය විසින් පරීක්ෂණ පැවත් විණි. මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද එක් සැකකරුවෙක් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

No comments:

Post a Comment