Wednesday, 22 May 2013

පහළොස් හැවිරිදි දැරියට 68 මුදලාලි හදි කරලා..

පහළොස් හැවිරිදි දැරියට 68 මුදලාලි හදි කරලා.. තම වෙළෙඳසලට පැමිණි පහළොස් හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හුලංදාව දකුණු ප්‍රදේශයේ හැට අටහැවිරිදි විවාහක ව්‍යාපාරිකයකු මොනරාගල පොලිසිය මඟින් පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන තිබේ. වෙළෙඳසලට පැමිණි මෙම දැරියට කලක සිට විවිධ උපකාර හා පරිත්‍යාගයන් කොට ඇය රවටා ගෙන දූෂණය කැර ඇතැයි පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. අතවරයට ලක්වූ දැරිය මොනරාගල මහ රෝහලට ඇතුළත් කැර තිබෙන අතර සැකකරු ඊයේ (21දා) මොනරාගල මහෙස්ත්‍රත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

No comments:

Post a Comment