
Wednesday, 22 May 2013
සඟරුවනට පහර දුන් අය රිමාන්ඩ් නොකළොත් බුද්ධශාසන අමාත්‍යංශයේ බෝඩ්ලෑලි ගලවනවා..
සඟරුවනට පහර දුන් අය රිමාන්ඩ් නොකළොත් බුද්ධශාසන අමාත්‍යංශයේ බෝඩ්ලෑලි ගලවනවා..
බෞද්ධ භික්ෂුන්ට එරෙහිව සිදුවන ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුත්තන් සතියක් ඇතුළත අත්අඩංගුවට නොගන්නේ නම් බුද්ධශාසන අමාත්‍යංශයේ බෝඩ්ලෑලි ගලවා දමන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ දැඩි ප්‍රකාශය කෙළේ කොළඹ ඇඹිලිපිටිය මාර්ගයේ ධාවනය වූ බස් රථයේදී රියැදුරු හා කොන්‍ෙදාස්තර විසින් පහරදී බිමට ඇද දැමූ බෞද්ධ භික්ෂුවකට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධව බුද්ධශාසන අමාත්‍යංශයට ඊයේ පෙරවරුවේ ලිපියක් භාරදුන් අවස්ථාවේදීය.
යම් හෙයකින් නැවැත භික්ෂුන් වහන්සේට මෙවන් අකටයුත්තක් සිදු වුවහොත් නැවැත අමාත්‍යංශයට නොව බස් ගැමුණු ඉන්න තැනකට තම සංවිධානය පැමිණෙන බවත් එදාට දැඩි පියවර ගන්නා බවත් ඒ හිමියෝ පැවැසූහ.
බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මේ පහරදීම පිළිබඳ කිසිත් නොදැනීම අවාසනාවකට කරුණක් බවත් මෙරට භික්ෂුන් වහන්සේට සිදුවන නින්දිත ක්‍රියාවන්ට පියවරක් නොගන්නා අමාත්‍යංශ නිලධාරීන් හා ආණ්ඩු අවශ්‍ය නොවන බවත් සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළහ.
මේ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරය සෑහීමකට පත්විය නොහැකි බවත් භික්ෂුන් වහන්සේ නමකට යම් අනතුරක් සිදුවුවහොත් බුද්ධශාසන අමාත්‍යංශය හා පොලිසිය වගකීම භාරගත යුතු බවත් රාවණා බලය සංවිධානයේ මහ ලේකම් සද්ධාතිස්ස හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

Labels:
Gossip
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment